විරේන්ගෙන් කොරියාවේදී හපන්කම්

Date:

ශ්‍රී ලංකාවේ ජාතික බැඩිමින්ටන් සූරයා වන විරේන් නෙත්තසිංහ කොරියාවේ පැවත්වෙන IKSAN VICTOR Korea Masters 2025 තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පැමිණ සිටිනවා. ජාත්‍යන්තරයේ ඉහළ ශ්‍රේණිගත කිරීම්වල සිටින ක්‍රීඩකයින් තරග කරන මෙම තරගාවලියේ දී ලෝකයේ 68 වන තැන සිටින විරේන් විසින් පරාජය කරන්නට යෙදුණේ අංක 44 ට ශ්‍රේණිගතව සිටින ඉන්දුනීසියාවේ චිකෝ අවුරා යි.


විනාඩි 60 කාලයක් පැවති මෙම තරගයේදී පළමු වටය ඉන්දුනීසියානු ක්‍රීඩකයා ලකුණු 21 -14 ක් ලෙස ජය ගත්තත්,විරේන් දෙවන සහ තෙවන වට ලකුණු 22 – 20 සහ 21 – 9 ක් ලෙස ජය ගනිමින් අවසන් 26 දෙනාගේ වටයේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක 59 ට සිටින මෝ ෂාකි ඔබයිද්ල්ලාහ් හමුවීමට සුදුසුකම් ලබා ගන්නවා.
මෙවැනි තරගාවලියක දී ශ්‍රේණිගත කිරීම්වලට අදාළව පිරිනමනු ලබන ලකුණු ප්‍රමාණයන් වැඩි බැවින් විරෙන්ගේ මෙම ජයග්‍රහණය වුව ඔහු තව දුරටත් ඉදිරියට තල්ලු කිරීමට හේතුවක් විය හැකියි.මේ වන විට ජාත්‍යන්තරයේ අවධානයට ලක් වි සිටින ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ ජාත්‍යන්තර ශ්‍රේණිය ඉදිරියට පහසුවෙන් තල්ලු කර ගත හැකි තරගවලට වඩා ඔහුගේ දස්කම් ලෝකයේ ඉහළම ක්‍රීඩකයින් සමඟ උරඟා බලා දියුණු කර ගැනීමට වැඩි අවධානයක් දීමට විරෙන් කටයුතු කරමින් සිටිනවා.එහිදී එක් ජයග්‍රහණයකින් වුව විශාල ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ඔහු සහභාගිවන තරගවලදී ලබා ගත හැකි බැවින් ඔහුගේ ශ්‍රේණිගත කිරිම්වල ස්ථානයට ද හානියක් වීමට තිබෙන ඉඩ අවමයි.


හිටපු සභාපති රොහාන් ද සිල්වාගේ සුවිශේෂී අනුග්‍රහයන් යටතේ මෙන්ම සිය පියාගේ පෞද්ගලික ධනය විශාල ප්‍රමාණයක් ද සමඟ ශ්‍රි ලංකා බැඩිමින්ටන් පැරිස් ඔලිම්පික් උළෙලේදී නියෝජනය කරන්නට සමත් වූ විරේන් 2028 ඔලිම්පික් උළෙල සදහා මේ වන විටත් සහභාගි විය හැකි ම්ටටමක සිය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම ඉදරියට ගෙනවිත් තිබෙනවා.
මෙවැනි ඉහළ මට්ටමේ තරගවලදී පිරිනැමෙන මුදල් ත්‍යාගවල ප්‍රමාණයද ඉහළ අගයක් ගන්නා අතර මෙම තරගාවලියේ මුදල් ක්‍යාගය ඇමෙරිකානු ඩොලර් 2,40 000 ක් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකමය වශයෙන් ලොව ධනවත්ම රටවල් දහයෙන් හතක්ම යුරෝපයෙන්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): ආර්ථික බලය යනු බොහෝ...

ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!

කොළඹ LNW: ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවෙනි අයවැය පිළිබඳව...

හෝමාගමින් මතු වූ හෙරෝයින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : කැළණිය කොට්ඨාස අපරාධ...

මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේම අවධානය...