NPP දෙවන අයවැය හෙට!

Date:

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය හෙට (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ප.ව. 1.30ට 2026 අයවැය කතාව ඉදිරිපත් කරනු ඇති.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වන දින සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට සැලසුම් කර ඇත.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...

ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...