චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

Date:

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට තීරණය කළා. ඒ දෙපාර්ශ්වය kuala lumpur හිදී ඇති කර ගත් එකඟතාවන්ට අනුවයි. එම තීරණ ක්‍රියාත්මක කරමින් චීනය ද නිල වශයෙන් ඇමරිකාවට පැනවූ වෙළඳ සීමාවන් අත්හිටුවා තිබෙනවා.

ඇමරිකාවේ භාණ්ඩ සඳහා 24% ක අතිරේක තීරුබදු අනුපාතය තවත් වසරක් සඳහා අත්හිටුවන බවත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරුබදු අනුපාතය රඳවා ගනු ඇති බවත් සඳහන් කරමින් චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම ඊයේ (05) නිවේදනයක් නිකුත් කළා.

චීන-ඇමරිකානු වෙළඳ උපදේශනවලදී ඇති කරගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීම සඳහා, 2025 වසරේ නොවැම්බර් මස 10 වනදා සිට එම නව නිවේදනය ක්‍රියාත්මක ‍වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එම නිවේදනයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු පියවර ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ද චීනය පියවර ගෙන තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...