මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලෝකයේම අවධානය දිනාගත්තු ඇමරිකානු යු ටියුබ් නිළියක් වන මිෂෙල් ඛාරේ ගුවන් යානයක එල්ලී යන වීඩියෝවක් දක්නට ලැබුණි.

ඇය තමයි මේ සුවිශේෂී ප්‍රයෝගය සාර්ථකව අනුකරණය කළ එකම කාන්තාව ලෙසද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අපි කවුරුත් දන්න හොලිවුඩ් නළු ටොම් කෲස්ගේ ‘මිෂන්: ඉම්පොසිබල් – රෝග් නේෂන්’ චිත්‍රපටයේ තිබුණු, ගුවන් යානයක එල්ලී යන, හිත ගැස්සෙන දර්ශනයද මේ හා සමානය.

මිෂෙල්, ඇගේ ප්‍රසිද්ධ “අභියෝගය පිළිගත්” (Challenge Accepted) යු ටියුබ් කතා මාලාවේ කොටසක් විදිහට මේ සඳහා දායක වී තිබේ.

ටොම් කෲස් මුලින්ම පාවිච්චි කරපු එයාර්බස් A400M යානය වෙනුවට, ටොම්ගේ පුහුණුවටත් යොදාගත්තු C-130 හමුදා ගුවන් යානයක් තම වැඩේට යොදාගෙන ඇත.

යානය පැයට සැතපුම් 150 (කිලෝමීටර 240) ක පමණ වේගයකින් පියාසර කරන විට ඇය යානයේ පැත්තට බැඳලා එල්ලී ගිය බව වාර්තා වේ.

ටොම් කෲස් මේ ප්‍රයෝගය කරනකොට ආරක්ෂක උපකරණ පෙන්වූයේ නැති වුනත්, මිෂෙල් ආරක්ෂිත පටි (harness) පාවිච්චි කර තිබේ..

නමුත් ,, පැරෂුටයක්, හිස්වැස්මක් හෝ ඇස් කණ්ණාඩියක් පාවිච්චි කර නොමැත ..

ඇයට මුහුණ දෙන්න වෙන දැඩි සුළං බලවේගවලට ඔරොත්තු දෙන්න, ඇය සති ගණනාවක් තිස්සේ සුළං උමං පුහුණුවීම් (wind tunnel training) සහ බෙල්ලේ සහ ඉහළ සිරුරේ ශක්තිය වැඩි දියුණු කිරීමේ පුහුණු සැසිවලට සහභාගී වී ඇත.

ඇය මේ වීඩියෝවෙන්, මේ වගේ ක්‍රියාදාම දර්ශනවලට අවශ්‍ය වෙන විනය සහ සූදානම ගැන ලෝකයටම පෙන්නලා දීලා. ඒ වගේම ඇය වීඩියෝවේදී කියපු මේ කතාව දැන් හැම තැනම කතා වේ.

ටොම් කෲස් මා සමඟ ස්ටන්ට් එකක් කිරීමට මට ඒත්තු ගැන්වීමට සිදුවුවහොත්, ඔහුගේ විශාලතම එකක් ප්‍රතිනිර්මාණය කිරීමෙන් මා ඔප්පු කළ යුතුයි.”

ඇයගේ මේ ප්‍රකාශය හොලිවුඩයට සහ ක්‍රියාදාම ලෝකයටම කළ සෘජු අභියෝගයක් ද වේ.

මිෂෙල් ඛාරේගේ ‘Challenge Accepted’ නාලිකාව පුරාම ඇය භාරගන්නේ ශාරීරිකව සහ මානසිකව අතිශයින්ම අභියෝගාත්මක දේවල් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දේ..

මේ ටොම් කෲස් ස්ටන්ට් එක ඇය මෙතෙක් කරපු අභියෝග අතරින් දරුණුතම එකක් බවට සැලකේ.

මිෂෙල්ගේ මේ අති දක්ෂ, හදවත නතර කරවන වීඩියෝව දැන් ලෝකය පුරාම වයිරල් වොඉ අවසන්..

හොලිවුඩයේදීවත් කරන්න අමාරු මේ වගේ වැඩක් තනියම කරන එක ගැන අතිශය උණුසුම් ප්‍රතිචාර ලැබී ඇත.

ඇය මේ අතිශය භයානක අභියෝගය පිටුපස ඇති දැවැන්ත කැපවීම සහ ක්‍රියාවලිය ඇගේ යු ටියුබ් වීඩියෝව හරහා ලෝකයටම පෙන්නා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...