ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පකිස්තානය සමඟ එක්දින තරග තුනක් සඳහාත්, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ද සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියක් සඳහාත් පකිස්තානය බලා පිටත්විමට නියමිතය.ගෙවුණු ආසියානු තරගාවලියේදී නොදැකපු ඒෂාන් මාලිංග මෙම තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකාව නියෝජනය සඳහා තෝරාගෙන ඇති සංචිත වෙනුවෙන් නම් කර ඇත.

මෙහිදී පළමුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන්නේ එක්දින තරගාවලියටය.එහිදී නායක චරිත් අසලංකට සිය නායකත්වය නොව ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම තුළ සිටීමද සහතික කර ගැනීම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වන්නට වනු ඇත.විශිෂ්ඨ පිතිකරුවෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ වෙනුවෙන් විශිෂ්ඨ ජයග්‍රහණවලට හේතු වුණ ඉණිම් ගණනාවක හිමිකරුවෙකු වුවද,කණ්ඩායම තුළ රැදී සිටීමට ඉතිහාස කතා පමණක් ප්‍රයෝජනවත් නොවනු ඇති බව තේරුම් ගැනීම වැදගත්ය.

ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම පිතිකරණයේදි විස්සයි විස්ස සංයුතිය තුළ ඉතිරි කරන නිලකුණු පන්දු ප්‍රමාණය අඩු කර ගැනීම ජයග්‍රහණය වෙනුවෙන් අත්‍යවශ්‍යය කාරණයක් බව පැහැදිළිය.මේ තත්ත්වයට තදින් පන්දුවට පහර දෙන පුුහුණුකරුවෙකු පිතිකරණ පුහුණුවට ගෙන ඒම තුළින් විසදීමක් ලැබී ඇද්ද යන්න දකින්නට ලැබෙන්නේ මේ තරග සංචාරය තුළය.

ජයග්‍රහණයට යන මාර්ගය
ඉතාම තීරණාත්මක තරග සංචාරයක් හැටියට ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම සංචාරය හැඳන්වීම නිවැරදිය.සනත් – චරිත් සුසංයෝගය එක්වරම ජයග්‍රහණ කරා හැර වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට යළි හොඳ ප්‍රතිපල පෙන්වන තත්ත්වයක නැත.එකම පාරක් පමණක් තබාගෙන ජයග්‍රහණය වෙත යාමට නොහැකිය.අපට කොළඹ අවට සිටින්නේ කොතැනද යන්න මත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එන මාර්ගයද පහසුකම් අතින් කිට්ටුව අතින් වෙනස්වීම සාමාන්‍ය දෙයක්ය.ඒ අනුව අපට ප්‍රතිවාදියා හමුවන තැන අනුව නැත්නම් ප්‍රතිවාදියාගේ අනන්‍යතාවය අනුව ජයග්‍රහණයට යන මාර්ගය වෙනස් කර ගැනීමේ හැකියාව තිබිය යුතුය.

මොහොතට අදාළව හොඳම දේ මෙන්ම නිවැරදිම දේ කිරිම ජයග්‍රහණයේ පදනමය.එහෙත් මේවා වචන වී පමණක් ජයග්‍රහණය ලබා ගන්නට පහසු නැත.ඒවා ප්‍රතිපල දෙන ක්‍රියාවක් බවට පත් විය යුතුය.ක්‍රීඩකයෙකු වෘත්තීයමය වූ විට ද යම් කිසි කාලයක අසාර්ථක විය හැකි බව අපි දනිමු.එහෙත් ක්‍රීඩකයෙකු තවත් කණ්ඩායමක් විසින් අසාර්ථකභාවයට පත් කර එකම ආකාරයට ගොදුරක් කර ගැනීම නම් වෘත්තීමය තත්ත්වය හැටියට ගැනීමට නොහැකිය.එ‍සේම අප ප්‍රබලයෙකු දවා ගැනීම සඳහා එකම උපක්‍රමයක් ඇතුව පන්දු නොයැවිය යුතුය.මන්ද ප්‍රබලයා යනු එකම වරද එකම විදිහට දිගටම කරන්නෙකු නොවන එය මඟ හරවා ගැනීමට හැකි අයෙකු වන බැවින්ය.

එම නිසා මේ තරගාවලියේදී වෙනස් කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකාව වෙනස් ආකාරයෙන් ජය ගැනීම වැදගත්ය.ඊ ළඟට එළැඹෙන්නේ ශ්‍රී ලංකාවේදීම පැවත්වෙන විස්යි ව්ස්ස ලෝක කුසලාන තරගාවලියය.

තේරීම් කමිටුව
සියල්ලම පිළිගන්නා මට්ටමට තීරණයක් ගන්න අපහසුම කණ්ඩායමකි.එහෙත් මේ මොහොත අනාගතය ගැන ඔවුන් කෙතරම් හිතනවාද සහ එළැඹෙන ලෝක කුසලානය පැවත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී නම් එහි තත්ත්වය අනුව තේරීම් කෙසේ විය යුතුද යන්නත් සිතන්නට හොඳම මොහොතය.එහෙත් එක් සංචාරයක් රැඟෙන ගොස් පුටුවේ ඇණ ගසා තැබූ විෂේන් හැළඹගේ වැනි අයෙකු ගැන නොසිතුවේ මන්ද යන්න තේරීම් කමිටුව නොසිතීමනම් ගැටළුකාරීය.

තමන්ට අනන්‍ය වූ ආකාරයට පිත්ත හසුරුවන පන්දු යවන ක්‍රීඩකයින් ලෝක පූජිත වී නැවතුණේ එහ ඉරියව්වෙන් දක්ෂතා දක්වාය.සනත් ජයසූරිය මේ මොහොතේ තමන්ට ලැබෙන සම්පත් ද,මහන්සියෙන් සම්පත් සොයා යාමේදී ද මේ තත්ත්වයන් අවධානයට ගෙන ක්‍රීඩකයන්ගේ අනන්‍යතාවයන් හඳුනාගෙන ඒවා ශක්තිමත් සහ ජාත්‍යන්තරය බලපෑම් කරන තත්ත්වයට සකසා ගන්නේ කෙසේද යන්න ගැන කල්පනා කළ යුතුය.සනත්ම සනත්ගේ ඇතැම් ක්‍රීඩා ඉරියව් සහ හැසිරීම් සකසා ගෙන ඇත්තේ තමන් ක්‍රීඩා කළ බිමේ දුෂ්කරතාවලට සාපේක්ෂවය.සමහර විට අදත් වෙනස් ක්‍රීඩකයින් මතු වන්නේ විලාසිතා ලෙස යම් යම දේවල් කිරීමට පෙළැඹි නොව,තමන්ට විඳින්නට වන දේ ට සාපේක්ෂව විය හැකිය.

පාකිස්තානු සංචාරය සඳහා තෝරා ගන්නා ලද එක්දින සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ඩිල්ෂාන් මධුශංක සහ එෂාන් මාලිංග


තුන්කොන් තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් ජනිත් පෙරේරා, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, නුවන් තුෂාර, එෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්‍ෂණ, දුෂාන් හේමන්ත, භානුක රාජපක්‍ෂ, ජනිත් ලියනගේ සහ අසිත ප්‍රනාන්දු

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...