2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වන අතර අත්හිටුවා තිබෙන විදෙස් ණය ගෙවීම 2028 සිටා ආරම්භ කිරීමට ඇති හෙයින් එය සිදුකිරීමේ හැකියාව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින්අවධාරණය කළේය.

”2028දි ණය ගෙවිම් ආරම්භ කිරීමට තිබෙනවා. 2024දී ඩොලර් මිලියන 1624ක් ණය සේවා කරණ ගෙවීම් ගෙව්වා. මේ වසරේදී 2435 ණය ගෙවීම් සිදුකරනවා. 2024ට සාපෙක්ෂව අපි වැඩි පංගුවක් ගෙවා තිබෙනවා. 2028දී ගෙවීමට ඇත්තේ ඩො.මි. 3259ක් පමණයි. 2025ට සාපෛ්ක්ෂව අපිට වැඩියෙන් ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 824ක් පමණයි. අපි ඒක ගෙවනවා. බය වෙන්න එපා”. යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

ගෝලීය අර්බුදය හමුවේත් රටේ විදේශ සංචිත ශක්තිමත් බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...