මුදල් ඇමතිකම නැති කළත් රනිල් යන්නේ නෑ …. !

Date:

රනිල් වික්‍රමසිංහ මහතාව අවම වශයෙන් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි මීට සති තුනකට පමණ පෙර වාර්තා කළෙමු.

අග්‍රාමාත්‍ය ධුරය භාරගනිද්දී වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ පරිදි ආර්ථික අර්බුදය විසඳීම සඳහා විදේශ විනිමය රැගෙන ඒමට ඔහු අපොහොසත්ව ඇති නිසාත් ජීවන වියදම ඉහළයාම ඇතුළු ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට වික්‍රමසිංහ මහතාගෙන් මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති නිසාත් ඒ මහතාව මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළයුතු බවට ඔවුන් ඉල්ලා තිබුණු අතර එම ඉල්ලීම අවස්ථා කිහිපයකදීම ඔවුන් අඛණ්ඩව ඉදිරිපත් කර තිබුණු බවත් වාර්තා විය.

ඒ අනුව වික්‍රමසිංහ මහතාව මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වෙනු ඇති බවට එවකට මත පළවී තිබිණි.

කෙසේවෙතත් මේ වනවිට අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ යම් හෙයකින් මුදල් අමාත්‍ය ධුරය අහිමි කෙරුණ ද වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවනු ඇති බවයි.

ඉතිහාසයේ ලැබිය හැකි ඉතාමත්ම විරල අවස්ථාවක් ලබමින් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නිසාත් මේ වනවිට බිංදුවටම වැටී තිබෙන එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීමට ඇති එකම ක්‍රමය මේ අග්‍රාමාත්‍ය ධුරය අල්ලාගෙන සිටීම පමණක්ම නිසාත් කවර තත්වයක් යටතේ හෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තරයේ අධිෂ්ඨාන කරගෙන සිටින බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...