ඊළඟ මාසෙ හොඳටම අමාරුයි, භූමිතෙලුත් වැඩි කරනවා – රනිල්

Date:

මේ වනවිට ලීටරයකින් රුපියල් 400 ක වැඩි පාඩුවක් විඳිමින් අලෙවි කරන භූමිතෙල්වල මිලද ඉහළ දැමීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතරු ලබා දෙමිනි.

කෙසේ නමුත් ධීවර කටයුතු සඳහා භූමිතෙල් භාවිතා කරන ධීවරයන්ට සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව ධීවරයන්ට භූමිතෙල් සඳහා කිසිදු අමතර පිරිවැයක් දැරීමට සිදු නොවනු ඇති බවද අගමැතිවරයා පවසයි.

මේ අතර ඉදිරි සතිය තුළදී ගෑස් අර්බුදයට විසඳුම් ලබාදෙන බවත්, අගෝස්තු මුල් සතිය වනවිට අවම වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් අගමැතිවරයා සඳහන් කරනවා. ඒ අනුව ජුලි 12 වැනිදා සිට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර් 112,000 බැගින් වෙළඳපොලට නිකුත් කරනු ඇත.

පළමුව ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා ගෑස් ලබාදෙන අතර ඉන් අනතුරුව බේකරි හා සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ගෑස් නිකුත් කිරීමට කටයුතු කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉදිරි මාස 04 ක කාලය තුළ හිගයකින් තොරව ගෑස් සැපයීම සඳහා ආණ්ඩුව අවශ්‍ය පියවර ගෙන තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...