ලැජ්ජාවක් නැති එවුන් ලෝකෙටම දෙකයි..

බොරිස් ජොන්සන් ට ලැජ්ජාවක් ඇත්තේ ම නැති සෙයකි. එක්සත් රාජධානියේ බරපතල දේශපාලන අස්ථාවරභාවයක් ගොඩනැඟෙමින් තිබෙන පසුබිමක සුපුරුදු ඇඟ හිරිවට්ටාගෙන සිනා සී සිටීමේ ගතිය තුළ රැඳෙමින් ඔහු කාලය ගත කරන බව වාර්තා වනවා.

මේ වන විට බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයෙන් දැඩි විරෝධයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගොඩනැඟෙමින් තිබෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම අසමත් වීම සහ නොයෙකුත් අක්‍රමිකතාවලට වරදකරුවකු මෙන්ම චූදිතයකු ලෙස බොහෝ දෙනෙකු ඔහුට ධුරයෙන් ඉවත්ව යන ලෙස බලකර සිටිනවා.

ඒ සියල්ල එසේ තිබිය දී ඔහු තම අගමැති පුටුව බදාගෙන දිගටම සිටින බවක් තමයි දක්නට ලැබෙන්නේ.

මෙම අස්ථාවරභාවය හමුවේ මේ වන විට එක්සත් රාජධානියේ පාලනාධිකාරියේ නිලධාරීන් රැසක් තම තනතුරු වලින් ඉවත් ව තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (05) දිනයේ මුදල් අමාත්‍ය රිෂි සුනාක් සහ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් ධුරයෙන් ඉල්ලා අස්වූවා. ඊට පෙර බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ සභාපති ඔලිවර් ඩෝව්ටන් තනතුරින් ඉල්ලා අස්වූවා. කුපක්‍රට පාර්ටිගේට් සිදුවීමත් සමඟ ආ ලැජ්ජාව දරාගත නොහැකි තැන රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිපදෙනෙකුම තම තනතුරු වලින් ඉල්ලා අස්වූවා.

පහත දැක්වෙන්නේ මේ වන විට එක්සත් රාජධානියේ මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ රජයේ තනතුරු වලින් ඉවත් වූ සමස්ත නිලධාරීන් පිරිසේ ලැයිස්තුව යි.

නමුත් බොරිස් ජොන්සන් නම් තවමත් සිනාමුසු මුහුණින්. තමන් යන්නෙම නෑ කියා තමයි ඔහු නැවත නැවතත් අවධාරණය කරන්නේ.

මෙය දකින විට අපට නම් සිහිපත් වන්නේ එකම එක දෙයකි.. ලැජ්ජාවක් නැති එවුන් ලෝකෙටම ඉන්නේ දෙකයි කියා.. එකෙක් එංගලන්තේ.. අනෙකා….

ප්‍රෙමෝද් චින්තක පීරිස් – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනය සහ පොලී අනුපාතික : ඉදිරියේදී වෙන්නේ මොනවාද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අගෝස්තු මාසයේ උද්ධමනය...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන...

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...