ලැජ්ජාවක් නැති එවුන් ලෝකෙටම දෙකයි..

Date:

බොරිස් ජොන්සන් ට ලැජ්ජාවක් ඇත්තේ ම නැති සෙයකි. එක්සත් රාජධානියේ බරපතල දේශපාලන අස්ථාවරභාවයක් ගොඩනැඟෙමින් තිබෙන පසුබිමක සුපුරුදු ඇඟ හිරිවට්ටාගෙන සිනා සී සිටීමේ ගතිය තුළ රැඳෙමින් ඔහු කාලය ගත කරන බව වාර්තා වනවා.

මේ වන විට බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයෙන් දැඩි විරෝධයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගොඩනැඟෙමින් තිබෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම අසමත් වීම සහ නොයෙකුත් අක්‍රමිකතාවලට වරදකරුවකු මෙන්ම චූදිතයකු ලෙස බොහෝ දෙනෙකු ඔහුට ධුරයෙන් ඉවත්ව යන ලෙස බලකර සිටිනවා.

ඒ සියල්ල එසේ තිබිය දී ඔහු තම අගමැති පුටුව බදාගෙන දිගටම සිටින බවක් තමයි දක්නට ලැබෙන්නේ.

මෙම අස්ථාවරභාවය හමුවේ මේ වන විට එක්සත් රාජධානියේ පාලනාධිකාරියේ නිලධාරීන් රැසක් තම තනතුරු වලින් ඉවත් ව තිබෙනවා. එහි ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (05) දිනයේ මුදල් අමාත්‍ය රිෂි සුනාක් සහ සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් ධුරයෙන් ඉල්ලා අස්වූවා. ඊට පෙර බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ සභාපති ඔලිවර් ඩෝව්ටන් තනතුරින් ඉල්ලා අස්වූවා. කුපක්‍රට පාර්ටිගේට් සිදුවීමත් සමඟ ආ ලැජ්ජාව දරාගත නොහැකි තැන රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිපදෙනෙකුම තම තනතුරු වලින් ඉල්ලා අස්වූවා.

පහත දැක්වෙන්නේ මේ වන විට එක්සත් රාජධානියේ මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ රජයේ තනතුරු වලින් ඉවත් වූ සමස්ත නිලධාරීන් පිරිසේ ලැයිස්තුව යි.

නමුත් බොරිස් ජොන්සන් නම් තවමත් සිනාමුසු මුහුණින්. තමන් යන්නෙම නෑ කියා තමයි ඔහු නැවත නැවතත් අවධාරණය කරන්නේ.

මෙය දකින විට අපට නම් සිහිපත් වන්නේ එකම එක දෙයකි.. ලැජ්ජාවක් නැති එවුන් ලෝකෙටම ඉන්නේ දෙකයි කියා.. එකෙක් එංගලන්තේ.. අනෙකා….

ප්‍රෙමෝද් චින්තක පීරිස් – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...