නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW:
යහපත් වැඩට ජනප්‍රිය පුද්ගලයන් භාවිතා වෙයි.කරන වැඩේ සමාජගත කරන්නට එම ජනප්‍රියතාවය වැදගත්ය.එහෙත් එහිදි එම පුද්ගලයන් කියන කතාවන් සමාජ ගත කිරීමේදී පරිස්සම්වීම ද වැදගත්ය.මන්ද එම පුද්ගලයන් පුහුණු සහ දක්ෂ කථිකයන් නොවන නිසාය.
එසේම ඒ සහභාගීත්වයේ දේශපාලන වැදගත්කම සහ කතා කිරීමේ සමාජමය වැදගත්කම අතර පරතරය හඳුනා ගන්නට දේශපාලනයට සංයමයක් තිබිය යුතුය.ඊට හිතෛශී මාධ්‍යයට කල්පනාවක් සහ හැදෑරීමක් තිබිය යුතුය.නැතිනම් හානියක් වළක්වා වෙනත් හානියකට දිරි දීමක් දක්වා යා හැකිය.
ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය විරෝධය වෙනුවෙන් සංවිධානය වුණ “ඉවත් වෙනු“ යන්න ආණ්ඩුවේ පමණක් නොව රටේම උවමනාවක්ය.ඒ ගැන සැකයක් නැත.එයට එළිය දෙන්නට සමාජයේ ජනප්‍රිය පුද්ගලයන්ට ආරාධනා කර තිබිණ.ඒ අතර ක්‍රිකට් ක්‍රීඩකයෝ ද වූහ.සමහර අයට ඒ අයට පේලී වෙන් වීම ගැන ගැටළු තිබිණ.එහෙත් මෙවැනි ජාතික අවශ්‍යයතාවයකදී පේළිය අදාළ නැත.අවසාන වාටියේ හෝ සිට උපකාරය සහයෝගය දීම වැදගත්ය.
මේවා වෙනුවෙන් දේශපාලනය කරන අය අතර ඉවත් වෙනු කියන වැඩ පිළිවෙලට අදාළව වැරදි වන සුළු මත් ද්‍රව්‍ය ගණයට වැටෙන උගුරක් දෙකක් උරන්න ආසා අය ද සිටින බව දකින්නට ඇත.ඒත් ඒවා නොකියන්නේය.
උදාහරණයකට ගංජා වැනි දෙයක් තායිලන්තමය ස්වභාවයට සමාජයේ තිබීමටත්,අනවසර වගා විනාශ නොකර ඒවා ආයුර්වේදයට භාර දිය හැකි බවටත් තර්ක කළ අය ද දැන් ඉවත් වෙනු සමඟ එක පයින්ය.හැබැයි ආණ්ඩුව ගංජා වගාව පොඩි මිනිසුන්ගේ අයිතියෙන් උඳුරා මහා පරිමාන වගාකරුවන් ලෙස කම්පැණිකාරයන් පත් කරන්නට ද පිඹුරුපත් සකසමින් සිටින බව ඇත්තය.ඒ කිසිවක් ගැන විරෝධයක් නැත.
මේ කිසිවකට වඩා මෙයට සහභාගි වූ ජනප්‍රිය පුද්ගලයන්ගෙන් අදහස් ගෙන එම ව්‍යාපෘතිය උඩ දමන්නට යාමේදී තවත් බරපතල සමාජ ව්‍යසනයකට තටු දෙන කතාවක් අරවින්ද සිල්වාගෙන් කියවිණ.එය මෙම වැඩ සටහන සමාජගත කිරීමට අදහස් කරන දේශපාලන ක්‍රියාකාරින් ද තලු මරමින් සමාජයට මුදා හරින්නට උත්සාහ කළේය.අරවින්ද කීවේ තම දරුවන් මත් ද්‍රව්‍ය ගතහොත් තමන් සිය දිවි නසා ගන්නා බව ඔවුන්ට පවසා ඇති බවය.
සිය දිවි නසා ගැනීම මෙන්ම ඊට උත්සාහ කිරීමද වරදකි.එසේම ඒ සම්බන්ධයෙන් ඇති දත්ත අනුව එය ද ලංකාවේ අඩු කළ යුතු සමාජ ව්‍යසනයක්ව පවතියි. දත්ත වලට අනුව ජනගහනයෙන් 100,000 කට 15 ක සමස්ත සියදිවි නසාගැනීමේ අනුපාතයක් ඇති ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් තවමත් සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය ගෝලීය සාමාන්‍යය වන 100,000 කට 9 ට වඩා බෙහෙවින් වැඩි ය.2022 අදාළ දත්ත අනුව පවතින මේ තත්ත්වය සමහර විට මේ වන විට මීටත් වඩා වැඩි වී තිබිය හැකිය.
එසේම සමාජ ප්‍රගමනයට බාධාවක් සේ සළකන සිය දිවි නසා ගැනීම් වළක්වා ගැනීමට සහ අවම කර ගැනීමට වගකිවයුතු මාධ්‍ය වාර්තාකරණය කෙසේ විය යුතු ද යන්නත් කතා බහට ලක් වී ඇත.ඒ අනුව වගකිවයුතු මාධ්‍ය වාර්තාකරණය: අනුකරණ ක්‍රියාවන් වැළැක්වීම සඳහා සියදිවි නසාගැනීම් පිළිබඳ සදාචාරාත්මක වාර්තා කිරීම සහතික කිරීම සඳහා මාධ්‍ය වෘත්තිකයන් සමඟ සංවාදය වැනි කාරණා මේ වන විටත් සිඳුවෙමින් පවතිද්දී ඒ කිසිවක් නොමැතිව අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙක් අතිශය සංවේදී කාරණයකදී බලාපොරොත්තු කඩ වූ විට සිය දිවි නසා ගැනීම තෝරා ගෙන තිබීම යන්න සමාජගත කිරීම සුදුසු ද යන්න කල්පනාවට ගත යුතුව ඇත.
දිගුකාලීන සමාජ ගැටලුවක ලෙස පවතින සිය දිවි නසා ගැනීම් ලෝකයේ ඉහළම අනුපාතයෙන් සිඳු වූ රටක් හැටියට පැවති ඉතිහාසයකුත් ලංකාවට ඇත.එම තත්ත්වය 100000 ට 35 – 47 වැනි සීමාවක තිබුණ අතර පළිබෝධනාශක පළිබෝධනාශක පාලන රෙගුලාසි හඳුන්වාදීම හරහා එය වර්ථමාන තත්ත්වයට අඩු කර ගැනීමට හැකි වුව ද,තවමත් නොවිසඳුණ සාමාන්‍ය තත්ත්වය ඉක්මවා සිඳුවන සමාජ ගැටළුවකි.
මත් ද්‍රව්‍ය ද සමහර විට සිය දිවි නසා ගැනීම් දක්වා ඉහළ යා හැකිය.ඒ සම්බන්ධයෙන් ද විවිධ තොරතුරු ඇත.මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් භාවිතයට ගන්නන් කුදලාගෙන යාම හිරේ දැමීම වැනි කාරණා මේ වන විටත් සිඳුවෙමින් පැවතියද,දියුණු සහ විශ්වසනීය පුනරුත්ථාපන වැඩ සටහනක් ගැන කතා බහ කළ යුතු අතර ඉවත්වෙනු යන්නෙහි ද එවන් පසුබිමක් නොදකියි.එැවැනිම පුනරුත්ථාපන ක්‍රියාවලි සිය දිවි නසා ගැනීම ගැන අදහස් පහළ වෙන අය කෙරෙහි ද පවත්වාගෙන යන අතර ජාතික මානසික සෞඛ්‍ය ආයතනය මෙන්ම සුමිත්‍රයෝ වැනි උපදේශන සේවාවන් ද මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකව පවතියි.
ඒ නිසා ඉවත් වෙනු පෝෂණය කරන්නට කරුණු සමාජගත කිරීමේදී තවත් දැවන්ත ව්‍යසනයන් එහි සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රවර්ධනය කිරීමට යොදා ගැනීමෙන් වැළකිය යුතුය.විසඳුම ජීවිතය නැති කර ගැනීම යන මානසිකත්වයේ සිටින අයෙකුට අරවින්ද ට ද දරුවන් මත් ද්‍රව්‍ය භාවිතයට ගියහොත් විසඳුම දරුවන් සහ තමන් ජිවත්වීම සඳහා වෙනත් මාර්ගයක් ගැනීම නොව ජීවිතය නැති කර ගැනීම වීම උත්ප්‍රේරකයකි.ඒ නිසා මත් ද්‍රව්‍යවලින් බේරා ගැනීමට වගේම ඒ වෙනුවෙන් තවත් ව්‍යසනයක් ප්‍රවර්ධනය නොකර සිටිය යුතු අතර අරවින්ද ට දරුවන් මත් ද්‍රව්‍යවලට යොමු වුවහොත් කළ හැකි එකම දේ ජීවිතය නැති කර ගැනීම යැයි සිතෙන්නේනම් එය නරක මානසිකත්වයකි.ඊට මෙපිට කාරණාවකදි වුව ඔහුට එය විසඳුමක් විය හැකි නිසා අරවින්ද වුව සිටින්නේ මානසික උපදේශකයෙකුගේ අවශ්‍යයතාවය ඇතිව බව හැඟේ.එය අරවින්දට කරන අගෞරවයක් නොව ඔහු වැනි ශ්‍රේෂ්ඨයෙකුගේ ජීවිතයට ගෞරවයෙන් තේරුම් කර ගන්නා අවශ්‍යයතාවයකි.
අරවින්දගේ වෛරල් වෙමින් පවතින සිය දිවි නසා ගැනීමේ කතාව ගැන ලියන්නට පමා වන්නට හේතුව ද එය සාකච්ඡා කිරීමෙන් එම අදහසට වැඩි අවධානයක් යොමු විය හැකිය යන සැකයය.එහෙත් එය කතා නොකිරීමෙන් ඊට වඩා හානි විය හැකිය.මේ කතාව තේරුම් ගැනිමට හැකි අවදානම පැහැදිළි කර ගැනීමට හැකි අයෙකුට අඩු තරමේ තමන්ගේ සමාජ ගිණුමෙන් එය හකුළා දැමීමේ හැකියාව ඇති බැවින් මෙසේ ඒ ගැන ලියන්නට තිරණය කළෙමි.
