ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!

Date:

කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේදැයි දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ මේ වනවිට 500 කට ආසන්න ඖෂධ සංඛ්‍යාවක උපරිම සිල්ලර මිල නියම කර ඇති බවයි.

ඊට අදාළ මිළ සූත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.
නව මිල සූත්‍රය අනුව මිල නියම කිරීමෙන් ඇතැම් ඖෂධ වර්ගවල මිල ගණන් විශාල ලෙස මිල අඩු වී තිබුණු අතර එම වාසිය ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳ එම විමර්ශනවලදී සොයා බැලීමට නියමිතයි.

නියමිත උපරිම මිල ඉක්මාව ඖෂධ අලෙවි කරන ඖෂධ හල්වලට එරෙහිව පියවර ගන්නා බවද සභාපතිවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...