ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව 05 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් වේලාව දහවල් 02.00 දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට ලංකා ගුරු සේවා සංගමය ද සිය විරෝධය පළකර තිබේ.

ලංකා ගුරු සේවා සංගමය යනු ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ගුරු වෘත්තීය සමිතියයි. එහි ලේකම්වරයා වන්නේ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා,

“අපි දිගින් දිගටම ගුරු සංගමයක් විදියට හිටියේ දරුවාගේ අධ්‍යාපනය උදෑසන 07.30 සිට සවස 01.30 දක්වා කාලසීමාව තුල සිදුවිය යුතුයි කියන ස්ථාවරයේ. ඒ සම්බන්ධව අද අපි පුළුල්ව සාකච්ඡා කළා. අපි ලංකා ගුරු සේවා සංගමය විදියට අද පැවති සාකච්ඡාවේදී විශේෂයෙන් ඉදිරිපත් කළා පාසල් කාලසීමාව වැඩිකරන්න එපා කියලා. අපි විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේ යෝජනාව සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වයි කියලා”

“පැහැදිලිවම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව විද්‍යාත්මක පදනමක පිහිටලායි අපි මේ සාකච්ඡාව කරන්නෙ. ජාත්‍යන්තරවත් පිළිගැනීම මේක. ඒ නිසා අපි මේ ස්ථාවරයේ ඉන්නවා”

ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඊයේ (12) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...