අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

Date:

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස යන ගමන කිසිවෙකුට හෝ හැරවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (13) 36 වෙනි ඉල්මහ විරු සමරුව අමතමිනි.

ආණ්ඩුව වට්ටන්න කවුරු හෝ 5000ක් ගේන්න හිතනවා නම් ආණ්ඩුව රැකගන්න 50000ක් අරන් පාරට ඒමට හැකියාවක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් ජවිපෙ සතු බවද ටිල්වින් සිල්වා මහතා ප්‍රකආෂ කළේය.

එම නිසා අප සමඟ සෙල්ලම් ගෙවල් සෑදීමට සූදානම් නොවන ලෙසයි ඔහු අවධාරණය කළේ.

”කවුරුහරි හිතන් ඉන්නවා නම් නිකන් පාරට බැහැල, තුන්හරදාහක පෙළපාලියක් ගිහිල්ල අපිව බය කරන්න,පොඩි රැස්වීමක් තියල බය කරන්න. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එහෙම බැහැ. මේ දවස්වල කතා බහක් යනවනේ ආණ්ඩු පෙරළන රැස්වීම් ගැන. කොළඹ වටලන්න කතා කරනවා හරපන්සියක් ගෙනල්ලා. අපේ රටේ උද්ඝෝෂණ කරන්නේ කොහොමද කියන සංස්කෘතිය පෙන්වල තියෙන්නේ හරියටම අපි. පෙළපාලි යන්නේ කොහොමද කියල පෙන්වල දීලා තියෙන්නෙත් අපි. ඒ නිසා පි කියනවා ඔය පොඩි පොඩි හන්දි ගැනේ රැස්වෙන ඒවයෙන් ආණ්ඩුව බය කරන්න අපිව බය කරන්න ලෑස්ති වෙන්න එපා. පෙළපාලි බලන්න ඕනේ නම් අපිටත් පෙළපාලි කරලා පෙන්වන්න පුළුවන්. ආණ්ඩුව වට්ටන්න 5000ක් ආරන් අවොත් ආණ්ඩුව රකින්න 50000ක් අරගෙන පාරට බහින්න පුළුවන් ව්‍යාපාරයක් කියන එක අපි මතක් කරල දෙනවා. ඒ නිසා සෙල්ලම් ගෙවල් හදන්න එන්න එපා අපිත් එක්ක. අරමුණ අත්හරින්නේ නැතිව සටන් කරන්න ලෑස්ති කියල ජීවිත පුදලා ඔප්පු කරපු ව්‍යාපාරයක්. අපි අරමුණකට වැඩකරනවා. ඒක අපේ පුද්ගලික අරමුණක් නෙවෙයි. ඒ අරමුණ ඇතුලේ අපට නෑ තනතුරු ගන්න දේපොළ ගොඩනගන්න අපිට අරමුණක් නෑ. අනුර සහෝදරයා කිව්වා අපිට මේ බලය ලැබිලා තියෙන්නේ ඒ බලය පාවිච්චි කරලා ධනය ගොඩනගන්න නෙවෙයි. ඒ බලය පාවිච්චි කරලා ජනතාවට උඩින් ඉන්න නෙවෙයි. අපි සියලු මෙවලම් පාවිච්චි කරලා අපේ රටේ ජනයාට මීට වඩා හොඳ සැපවත් ප්‍රීතිමත් ජිවිතයක් හදන්න. ඒ වෙනුවෙන් යන ගමන කිසිවෙකුට නවත්වන්න බෑ කියන එක අපි සහතික කරලා කියන්න ඕනකම තියෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...