කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාවට ලබන සඳුදා (17) දිනයේදී ගෙන ඒමට නියමිත යෝජනාවක් හරහා කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසීයාමේ අනතුරක් උද්ගතව ඇති බව වාර්තා වේ.

එක් එක් මත්පැන් නිෂ්පාදන සමාගමකින් රුපියල් මිලියන 120ක පමණ ආපසු නොගෙවන මුදල් තැන්පතුවක් ලබාගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්. මත්පැන් නිෂ්පාදන සමාගමක් මත්පැන් නිස්සාරණය, බෝතල් කිරීම, බෙදාහැරීම යනාදී එහි එක් එක් අදියර සඳහා වෙන වෙනම බලපත්‍ර 12ක් පමණ ලබාගත යුතුව ඇත. ඒ බලපත්‍ර වෙනුවෙන් මෙසේ විශාල වටිනාකමකින් යුත් මුදලක් එම සමාගම් වෙතින් ආපසු නොගෙවන තැන්පතුවක් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාගැනීමට යෝජනා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මත්පැන් නිෂ්පාදන කර්මාන්තයට අදාළව පසුගිය ඔක්තෝබර් මාසයේදී ද අලුත් නියෝගයක් පනවන ලදී. ඒ, මාසයක් තුළ සුරාබදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීම සඳහා ය. එම නියෝගයත් බලාත්මකව තිබියදී මෙසේ තවත් රුපියල් මිලියන 120ක් වැනි විශාල මුදලක් ආපසු නොගෙවන තැන්පතුවක් වශයෙන් ලබාගත් විට කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලට තවදුරටත් සිය මෙහෙයුම් කරගෙන යාම සඳහා ආර්ථික ශක්තියක් නොමැති වන බැවින් ඒවා වැසීයනු ඇති බවයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදි පනවන ලද නියෝගය මෙන්ම මේ අලුත් යෝජනාව ද මහා පරිමාණ මත්පැන් සමාගම් කිහිපයක ඒකාධිකාරියක් බිහිකිරීම වෙනුවෙන් සැලසුම් සහගත ලෙස ගෙන එන යෝජනාද යන සැකයක් ද ක්ෂේත්‍රය තුළ පැතිරෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් 12ක් පමණ ඇති අතර ඒවායේ රැකියාවල නිරත වන සංඛ්‍යාව 1000කට අධිකය. රජයේ ඉහත කී යෝජනාව හරහා මෙම සමාගම්වල මූල්‍ය ස්ථාවරත්වය අහිමිව ගොස් ඒවා වැසී ගියහොත් රජයට විශාල බදු ආදායමක් ද අහිමි වන අතර පවුල් 1000කට අධික ප්‍රමාණයකට ආදායම් මාර්ග ද අහිමිව ඔවුන් මහමගට වැටෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...