BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින් කරන ලද කතාවක් සංස්කරණය කර වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කර නරඹන්නන් නොමඟ යැවීම හේතුවෙන් එළඹෙන සතියේ BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(14)දිනයේදී සවස එයාර් ෆෝස් වන් ගුවන් යානයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබු අතර මෙම චිත්‍රපටය හේතුවෙන් මේ වන විට BBCහි අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබොරා ටර්නස්ගේ ඉල්ලා අස්වී ඇත.

මෙම සතිය මුලදී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නීතිඥයින් මෙම චිත්‍රපටය ඉල්ලා අස්කර ගැනීමක් නිකුත් නොකළහොත්, ඩොලර් බිලියන 1 ක වන්දියක් ඉල්ලාBBCයට නඩු පවරන බවට නිවේදනය කර තිබු අතර BBC ආයතනය ඒ අනුව, සමාව අයැද සිටියද මූල්‍ය වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...