ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW:

ලාංකේය වොලිබෝලයේ අනාගතය තනන ක්‍රීඩා තරගාවලිය අවිවාදයෙන් ඩිඑස්අයි වොලිබෝල් තරගාවලිය බව නොරහසකි.අවුරුදු 11 න් පහළ සිට අවුරුදු 19 න් පහළ දක්වා බාලක බාලිකාවන්ට දොර විවර වෙන මෙම තරගාවලිය මේ වසරේ පැවත්වෙන්නේ 23 වන වරට වන අතර,නොවැම්බර් 15 – 16 දෙදින පුරා මෙම අසිරිමත් තරගාවලිය කොළඹ සුගතදාස පිටියේදී පැවත්වීමට සියල්ල සූදානම් කර ඇත.


මෙම තරගාවලිය සම්බන්ධයෙන් මීට පෙර නිතර නම් කියැවි පාසල් වූයේ මාදම්ප සේනානායක,නාත්තන්ඩිය ධම්මිස්සර සහ සීදුව දවිසමර යන විද්‍යාලය.වරින් වර වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ නම ද කියවිණ.මේ වන විට වොලිබෝල් හී ව්‍යාප්තියේ වර්ධනයක් මෙන්ම දක්ෂතා විසිර පැතිර ඇති බවක් ද දැකිය හැකි අතර ඉහත සඳහන් කළ පාසල් අතරින් ධම්මිස්සරය පමණක් 11 න් පහළ සහ 13 න් පහළ බාලිකා කණ්ඩායම් අවසාන තරගයට කැඳවි විත් ඇත.


රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය අවසාන තරග තුනකදී දැක ගන්නට ලැබෙන අතර එම කණ්ඩායම ද අද රුවන්වැල්ලේ රුවන්මය නාමයක් බවට පත් වී සිටින චමින්ද ජයරත්න යටතේ පුහුණුවීම් කරන්නේය.චමින්ද ද ධම්මිස්සරයේ නිර්මාණයක් යන්න ද එහිදී සිහිපත් කිරීම වටින්නේය.
මේ සමඟ සියළු කණ්ඩායම්වල කණ්ඩායම් ඡායාරූප සමඟ තරග කාල සටහන දින දෙක තුළ ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්නත් මෙම සටහන හරහා අවබෝධ කර ගන්න අපහසු නැත.අනාගතය ගැන බලාපොරොත්තු තබා ගත හැකි විශිෂ්ඨ නිර්මාණශීලි ක්‍රිඩකයන් නිර්මාණය වන බවට යහපත් සෙවණැළි මෙම සටහන සමඟ මතු වේවා යන්න අපේ පැතුමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...