රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු අතුරුදන්ව තිබෙන බව වාර්තා වේ. අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ආපදා කළමනාකරණ අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දුනීසියාවට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ගම්මාන කිහිපයක නිවාස විශාල ප්‍රමාණයකට ද මේ වන විට හානි සිදුව තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, එමෙන්ම ආපදාවලට ලක්වූ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද ආපදා කළමනාකරණ අංශ කටයුතු කර ඇති බවයි.
