ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි

Date:

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කළ නමුත් ලංකා ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂය සඳහා වැඩිම මුදල ඔවුන් මෙවර අයවැයෙන් වෙන්කරගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලෙ වැඩියෙන්ම කතා කරපු වැය ශීර්ෂය තමයි ජනාධිපති වියදම්. තමුන්නාන්සෙලාගෙ ජනාධිපතිතුමා තමයි කිව්වෙ මේවා රුපියල් 5000 කොළ කන්නද, එක විනාඩියකට මෙච්චර යනවා, දවසකට මෙච්චර යනවා, කොහොමද මේවා වියදම් කරන්නෙ, මේ විදියට මේ රටේ මුදල් නාස්ති කරන්න මොකටද ජනාධිපති තනතුරක් හදාගන්නෙ ? එහෙම බැනපු ජනාධිපතිතුමා 2026 බිලියන 12ක් වෙන්කරගෙන තියෙනවා. ලංකා ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල. ජනාධිපතිතුමාට එක මිනිත්තුවකට වියදම් වෙනවා රුපියල් 21,000ක්. ජනාධිපතිතුමාගෙම වචනවලින් කිව්වොත් 5000 කොළ හතරක්. ඔබතුමාලා එහෙමනෙ මේ රටේ ජනතාවට කිව්වෙ ?”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

මීට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ 2026 අයවැයේ ජනාධිපති වැය ශීර්ෂය බිලියන 11.3ක් බවත් එයින් බිලියන 6.5ක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් වෙන්කර ඇති බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...

21 වැඩේ පරණද ?

මම හිතනවා මේ වෙද්දී ලංකාවේ දේශපාලනයේ ඉන්න අයගෙන් වැඩියෙන්ම...