අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්

Date:

මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට පත්ව ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“ඉස්සර කොහොමද ඔය මලයගම් හරි වෙන පක්ෂවල මන්ත්‍රීලාගෙ ඡන්ද ගත්තෙ කොහොමද ? මොකක් හරි ඇමති කට්ටක් දීලා. අයවැය කිට්ටු කරලා සල්ලි බෙදලා. අපි වතු කම්කරු ජනතාවට, මලයගම් ජනතාවට රුපියල් 400ක් දීලා තමයි අපි මනෝ ගනේෂන් මැතිතුමා, රාධ ක්‍රිෂ්ණන් මැතිතුමා, තොණ්ඩමන් මැතිතුමාලා අපට එකතු කරන් තියෙන්නෙ. ප්‍රතිපත්තියෙන්. TNA සංවිධානය අපිට විරුද්ධව ඡන්දෙ නොදෙන්නෙ ඇයි ? එතුමන්ලා බලාපොරොත්තුවෙන් ඉන්නවා අපෙ ආණ්ඩුවත් සමග මේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන් කියලා. ඉව වැරදිච්ච – මම මේ බල්ලා කියන වචනය කියන්නෙ කිසිම අපහාසයකට නෙවෙයි – ඉව වැරදිච්ච සතෙක් වගේ අද විපක්ෂය. එහෙටත් පනිනවා, මෙහෙටත් පනිනවා, අතෙන්ටත් බුරනවා, මෙතෙන්ටත් බුරනවා, කිසි දෙයක් අහුවෙන්නෙ නෑ”

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...