අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්

මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට පත්ව ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“ඉස්සර කොහොමද ඔය මලයගම් හරි වෙන පක්ෂවල මන්ත්‍රීලාගෙ ඡන්ද ගත්තෙ කොහොමද ? මොකක් හරි ඇමති කට්ටක් දීලා. අයවැය කිට්ටු කරලා සල්ලි බෙදලා. අපි වතු කම්කරු ජනතාවට, මලයගම් ජනතාවට රුපියල් 400ක් දීලා තමයි අපි මනෝ ගනේෂන් මැතිතුමා, රාධ ක්‍රිෂ්ණන් මැතිතුමා, තොණ්ඩමන් මැතිතුමාලා අපට එකතු කරන් තියෙන්නෙ. ප්‍රතිපත්තියෙන්. TNA සංවිධානය අපිට විරුද්ධව ඡන්දෙ නොදෙන්නෙ ඇයි ? එතුමන්ලා බලාපොරොත්තුවෙන් ඉන්නවා අපෙ ආණ්ඩුවත් සමග මේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන් කියලා. ඉව වැරදිච්ච – මම මේ බල්ලා කියන වචනය කියන්නෙ කිසිම අපහාසයකට නෙවෙයි – ඉව වැරදිච්ච සතෙක් වගේ අද විපක්ෂය. එහෙටත් පනිනවා, මෙහෙටත් පනිනවා, අතෙන්ටත් බුරනවා, මෙතෙන්ටත් බුරනවා, කිසි දෙයක් අහුවෙන්නෙ නෑ”

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...