ඉෂාරගේ Browns EV සහ ධම්මිකගේ LB Finance හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම්

Date:

Browns EV සමාගම සහ LB Finance සමාගම පසුගිය නොවැම්බර් 13 වනදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා තිබේ.

ඒ, විදුලි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් වන උපායමාර්ගික හවුල්කාරීත්වයක් සඳහා ය.

චීනයේ නිෂ්පාදිත BAW (Beijing Automobile Works) සහ Wuling විදුලි මෝටර් රථ ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහැරීම Browns EV සමාගම විසින් සිදුකරනු ලබයි. සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට බ්‍රෑන්ඩ් නිව් කුඩා මෝටර් රථ මාදිලි කිහිපයක්ම ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දී ඇත. LB Finance යනු මෙරට වාහන මිලදී ගැනීම සඳහා ලීසිං පහසුකම් සපයන සමාගම් අතර ප්‍රමුඛ පෙළේ සමාගමකි.

Browns EV සමාගම ඉෂාර නානායක්කාර මහතා හිමිකාරීත්වය දරණ Browns සමූහය යටතේ පවතින අතර LB Finance සමාගම ධම්මික පෙරේරා මහතා හිමිකාරීත්වය දරණ Vallibel One සමූහය යටතේ පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...