සමඟිය වෙනස් වෙයි: වතු කම්කරු වැටුප් වැඩි කිරීම සුදුසුයි,නිවැරදියි, එකඟයි – මන්ත්‍රී අජිත් පී පෙරේරාගෙන් සහතිකයක්!

Date:

කොළඹ LNW:අයවය මඟින් අනුර කුමාර ජනාධිපතිවරයාගේ රජය මේ රටේ ධනවත්ම පුද්ගලයින් ශක්‌තිමත් කර තිබෙන අතර ආදායම් පරතරය වැඩි වී තිබෙන බවත් ධනපතියන් තව තවත් ප්‍රකෝටිපතියන් කර තිබෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

වතුකම්කරු වැටුප් වැඩි කිරීමේදීද සමාගම් හිමියන් සහ ආණ්ඩුව අතර එකඟතාවකින් එය සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

වතු සමාගම්වල වැඩි කොටස් හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ආණ්ඩුවට සහය දැක්වූ බවත් ඔවුන්ගේ නම් හෙළිකිරීම අනවශ්‍ය හෙයින් එය සිදුනොකරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

”ඉස්සර ජනාධිපතිතුමාට සර්නෙ කිව්වේ. හැබැයි මචං අයියේ මල්ලි කියල කතාකරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් ඉන්නවනේ දැන්. ඒ නිසා ඒ ජනාධිපති මචං,ජනාධිපති අයියා, ජනාධිපති මල්ලි බිලියනපතියන්ට ඉතිහාසයේ කරපු දේවල සහ වර්තමානයේ කරපු දේවල් සලකල දෙනව් ඇට්ටි හැලෙන්න. වතු සමාගම්වල අයිතිය තියෙන්නේ කාටද? මේ රටේ ඉන්න ප්‍රධානම ප්‍රකෝටිපතියන්ට තමයි අයිතිය තියෙන්නේ. ඒ හැම වතු සමාගමක්ම අතිශයින් ලාභ ලබනවා. එකක්වත් පාඩු ලබන්නේ නැහැ. නමුත් වතු කම්කරුවන් අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ප්‍රමාණවත් වැටුපක් ලබාදෙන්නේ නෑ. ඔවුන්ව සූරාකෑමට ලක්වෙනවා. ඒ නිසා සමාගමෙන්, හෝ රජයෙන් හෝ දෙගොල්ල එකතු වෙලා හෝ මේ පඩි වැඩි කිරීම සුදුසුයි නිවැරදියි. එකඟයි” යනුවෙන් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...