නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW:


නැඟී එන ආසියානු තරගාවලියේ පළමු ජය වාර්තා කරමින් හොංකොං කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලපෑම මත හොංකොං ක්‍රීඩකයින්ට ලකුණු ලබා ගැනිමට සිඳු වූ අපහසුව නිසා ඔවුන් පන්දු ඕවර් 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණයි.ඒ සඳහා විශාලම බාධාව ඇති කරමින් සිය පන්දු වාර හතර තුළ ලකුනු 21 ට කඩුලු 3 ක් දවා ගත් ට්‍රෙවින් මැතිවි ඒ දායකත්වය වෙනුවෙන් තරගයේ වීරයා වන්නට සුදුසු වුණා.


ට්‍රෙවින් පළමු කඩුලු දෙක පන්දු දෙකක් තුළ දවා ගනිමින් නොනැවතී හොංකොං නායක යසීම් මුර්ටාසාගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා.විජයකාන්ත් වියස්කාන්ත් තමන් කවුරුද යන්න නැවතත් අවබෝධ කර දෙමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 11 ට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගත්තා.
පන්දු ඕවරයට ලකුණු 6 ට ආසන්න ලකුණු වේගයකින් ජයග්‍රහණයට පිවිසිය හැකිව තිබියදී ලකුණු පූවරුව ලකුණු 5 ක් ව තිබියදි විෂේන් හැළෂගේ ලකුණු 4 ට දැවී ගියා.ලසිත් කෘෂ්පුල්ලේ හයේ පහරක් සහ හතරේ පහරක් සමඟ දිගු ඉණිමක සළකුණු පෙන් වුව ද,ලකුණු 13 දී ඔහුගේ ඉණිම හමාර කරන්නට හොංකොං කණ්ඩායමට හැකි වුණා.


කඩුලු 2 ක් දැවී ලකුණු 32 ක්ව තිබියදී පිටියේ සිටි ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක සමඟ නුවනිඳු ප්‍රනාන්දු එක්වීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පහසු කළා.10 වන ඕවරයේදී ලකුණු 55 ක සබඳතාවය නිසා කරමින් නිශාන් මධුශ්ක දැවී යන විට ඔහු ඉදිරියේ ලකුණු 35 ක් සටහන් වී තිබුණු අතර ලකුණු පූවරුව ලකුණු 87 ක් ලෙස දැක් වුණා.එතැන් සිට තවත් ලකුණු 37 ක් නොබිදී සිව්වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ අතර සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 14 ක් රැස් කළ අතර ජය සුරැදි ඉණිම දියත් කළ නුවනිදු පන්දු 27 ක් තුළ ලකුණු 47 ක් ලබා ගෙන නොදැවී සිටියා.14 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවට සහන් ආරච්චිගේ එල්ල කළ හතරේ පහරකින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව 120 ක් වෙද්දී හ්‍රී ලංකාවට පහර දීම සඳහා තවත් පන්දු 37 ක් ඉතිරිව තිබුණා.
තරගයේ ලකුණු පූවුවට පිවිසෙන්න https://bit.ly/3Xl1cBn

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඳුවෙමින් පවතින්නේ සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

නිශ්මං රණසිංහ ජනවාරි 0, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා...

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස