*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ශ්‍රේෂ්ඨාධිකරණය උදුරාගත් තම සිරුරේ අයිතිය ඉල්ලා ඇමරිකාවේ කාන්තාවෝ දහස් ගණනින් වීදි බසිති!

එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අලුත්ම න්‍යාය නම් කාන්තාවකගේ සිරුරේ අයිතිය හිමි ඈට නොව දෙවියන් වහන්සේට බවයි. අවාසනාවට දෙවියන් වහන්සේද පිරිමියෙකි.

මීට සති කිහිපයකට පෙර ලොවක් තුෂ්නිම්භූත කරවමින් එක්සත් ජනපදයේ Roe v Wade ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට වසර 50ක් පුරාවට කාන්තාවන් භුක්ති විඳි ගබ්සා කිරීමේ අයිතිය තහනම් කරමින් නිකුත් කළ නියෝගයට එරෙහිව මේ වන විට දහස් සංඛ්‍යාත කාන්තාවෝ එරට ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටිති.

තම සිරුරට ඇති අයිතිය වෙනුවෙන් පෙනීසිටිමින් විවිධ සටන් පාඨ රැගත් කාන්තාවන් සහ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ක්‍රියාධරයන් දහස් ගණනින් ඇමරිකානු ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නියැලෙන අයුරු දැකිය හැකිය.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙසේ විරෝධතාකරුවන් දස දහසක් පමණ ධවල මන්දිරය ඉදිරිපිට රැස්වී සිටිති.

මෙම විරෝධතාවයට එක්සත් ජනපදයේ නන් දෙසිනි පැමිණි කාන්තාවන් එක්ව සිටින අතර, ඇතැමුන් කිලෝමීටර දහස ගණන් ගෙවා පැමිණ ඇති බව ද සඳහන්.

සිරුර පිළිබඳ තීන්දු තීරණ ගැනීම මූලික අයිතිවාසිකමක් බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ උදුරාගෙන තිබෙන්නේ එම මූලික අයිතිවාසිකම බවත් ක්‍රියාධරයහු පෙන්වා දෙති.

ඉකුත් සිකුරාදා (08) දින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ඖෂධ ගබ්සාව සහ හදිසි උපත් පාලන ක්‍රම සඳහා ඇති ප්‍රවේශය සහ සේවාදායකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ඇතුළු ගබ්සා රැකවරණය ආරක්ෂා කරන ලෙස තම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නියෝග කරමින් විධායක ආඥාවක් නිකුත් කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලැබූ මෙම තීන්දුවට එරෙහිව තමාගේ බලයෙන් කළ හැකි උපරිම දේ තමා කරන බව ද පවසා තිබිණි.

කෙසේවෙතත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ බලතල සීමිත අතර, ඔහුට කොංග්‍රසයේ නීති සම්පාදනය හරහා බලකළ නොහැකිය. ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ බලතල අනුව, ඔහුට 6-3 ක කන්සර්වේටිව් සුපිරි බහුතරයක් හිමි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අහෝසි කළ නොහැක.

ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අගය කරන මුත්, ඔහුගේ බලතල ද මෙකී කරුණ සම්බන්ධයෙන් සීමිත නිසා සටන අත නොහරින බද ක්‍රියාධරයන් අවධාරණය කළහ.

ගබ්සා කිරීමේ අයිතිය හුදෙක් කාන්තාවන්ට පමණක් බලපාන කරුණක් නොවන අතර, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවේ සංක්‍රාන්ති සමාජභාවී සහ නන්-බයිනරි අනන්‍යතා ඇති පුද්ගලයන්ට ද මෙම බරපතල මානව විරෝධී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ බලපෑම සෘජුවම එල්ල වී තිබේ.

එක්සත් ජනපදයේ Roe v Wade ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ලැබූ මෙම තීන්දුව ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජගත් සංවිධාන රැසකගේ සහ රාජ්‍ය නායකයන් රැසකගේ බරපතල විවේචනයට තුඩු දී තිබේ.

IP-OBT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan