වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාම කටයුතු කර නොමැති බවත් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්රචාරක වේදිකාවලට එකතුවුණු ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය මහතා පවසයි.
“ඒ අයගෙන් වෙච්ච වැරදිවලට ඕනෙ තරම් සමාව අරගෙන තියෙනවා මේ ජනාධිපති. හැබැයි මේ අයගෙන් වෙන්නෙ නැති දෙයක් මම කියන්නද ? මේකෙ වැරදිත් කියන්න එපැයි මම දකින. දැන් ජනාධිපති කියනවා කිසිම අපරාධයක් කාලයේ වැලිතලාවෙන් වහන්නෙ නෑ කියලා. වධකාගාර දාගෙන තරුණයො මරනවා මෙහෙම බලන් ඉඳලා උගේ ආතල් ඌ ගත්තු එකා ඉන්නවා. ඒවාට සාක්ෂිත් ඉන්නවා. සාක්ෂිකාරයින්වත් මැරුවා. එතකොට තාම ඌ නිදැල්ලේ ඉන්නවා. ඉන් ටික ඉන්නවා නම්, උන්ගෙ පුතාලා ටික ඉන්නවා නම් … තාම නීතිය කෝ ?”
“ගෝඨාභය ආපු වෙලාවේ රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනය විතරයි, එක එකාගේ ෆොටෝ බෑ කියලා ඒවා ගලවනකොට මිනිස්සු හිතුවා ඒකෙන් රටට හොඳක් වෙයි කියලා. 69 ලක්ෂයක් එහෙම හිතුවා. ඒ මිනිස්සු ගෝඨාභයට ඡන්ද දුන්නෙ රටට කෙළවන්න නෙවෙයිනෙ… දැන් මම මාලිමාවට කඩේ ගියේ මේ රටට කෙළවන්නද ? නෑ … අර ගෝඨාභයගේ 69 ලක්ෂය වගේ තමයි මමත්. ඒ වගේම මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ කවුද ? මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ පොහොට්ටුවෙ එවුන්. නැද්ද ? නැත්නම් කොහොමද 3%ක එකක් ලක්ෂ හැට ගණන් වෙන්නෙ”
“අනුර කියන්නෙ මට දැනෙන විදියට ආධ්‍යාත්මික මනුස්සයෙක්. මම දන්නෑ ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියලා. ඔය ඩොලර් මිලියන කතායි අරවායි මේවායි මම කියපුවානෙ. මම ඒවා නෑ කියන්නෙ නෑනෙ. හැබැයි මම කිව්වෙ ඇයි කියන එක මිනිස්සු අවබෝධ කරගන්න එපැයි. මම බොරුවක් නෙවෙයිනෙ කියලා තියෙන්නෙ. අනුර ආධ්‍යාත්මික මිනිහෙක් කියන්න හේතු තියෙනවානෙ. මොකක්ද, මට අනුරගෙ මොනවා ලැබෙනවාද ? අනුර ගෝතයා නම්, එයා තක්කඩියෙක් නම් එයාටත් තක්කඩියා කියනවා මාව හිරේ නෙවෙයි කොහෙ දැම්මත්. තක්කඩි වැඩ කරන්න එපා හලෝ මිනිස්සුන්ට කැත වැඩ කරන්න එපා කියලා කියනවා”
“මට භාතියත් කිව්වා ‘මචං අපරාදෙ උඹ ඔය ස්ටේජ්වල මෙහෙම නැග්ගෙ’ කියලා. ඇත්ත ඉතින්. හැබැයි මට එහෙම වැරදුණත් ඔව් මට වැරදුණා කියලා මට මිනිස්සුන්ට කියන්න පුළුවන්. ඇයි දන්නවද ? මට මොකුත් බලාපොරොත්තු නෑ. මගෙ ඊගෝ එක මම මාර ගායකයා කියලා මට එහෙම නෑ. මම පච වුණත් ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලානෙ. සීරියස්ලි. අනුර හෙට බුලක් කෙළියා කියන්නකො. බුලක් කෙළලා මිනිස්සු මාව වටකරන් මැරුවා කියන්නකො, තෝ තමයි ඡන්දෙ දෙන්න කිව්වෙ කියලා. මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න බැරුව මාව මරලා දැම්මත් මට ප්‍රශ්නයක් නෑ”
“අනිත් එක මේ ආණ්ඩුවත් … ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා මම මාලිමා කියලා. මම ආදරෙයි මේ ආණ්ඩුවට මිනිස්සුන්ට හොඳ කරනකල්. එතනින් එහා මිනිස්සුන්ට ජඩ වැඩ කරන්න ගත්තොත් අපි ඉන්නවාද ‘අඩේ අපි ආණ්ඩුවට ඡන්දෙ දෙන්න කිව්වා. මාර වැඩේ’ කියලා. එහෙම ඉන්නෙ නෑ මම. එළියට බහින්නැතිව, එහෙම කොහෙද ? එහෙම අපි කැත වැඩ කරලා නැහැනෙ. අපි ඡන්දෙ දෙන්න කිව්වාට ඒ රට ගැන හිතලා ….”
“දැන් බලන්න මේ ආණ්ඩුව කුඩු අල්ලනවානෙ. කිලෝ ගණන්නෙ අල්ලන්නෙ. ඒවාට මොනවද වෙන්නෙ ? හරි, වෙන්න ඕනෙ මොකක්ද ? ඒවා විනාශ කරන්නනෙ. හැබැයි විනාශ කරන්න නීතියක් නැහැ. මොකද ඒවා නඩු භාණ්ඩ. හැබැයි මුං 159ක් ඉන්නවානෙ. මේ කිලෝ ගණන් අල්ලන ඒවා ආපහු නිලධාරීන් ගාවට හෝ තව ආයතනවලට ගියාම ඒවා ආයෙත් රවුමෙන් යනවා. එතකොට මේවා සංදර්ශන විතරයි. මෙච්චරක් ඇල්ලුවා, ආණ්ඩුවෙන් මෙහෙම අල්ලලා, මෙහෙමයි මෙහෙමයි …. හැබැයි ආයෙත් වෙළඳපොලට ගිහිල්ලා. එතකොට ඒ අල්ලන එකෙන් වැඩක් තියෙනවාද ? නෑ. එහෙනම් ඒක එවෙල පුච්චන්න බෑ, ඒක නඩු භාණ්ඩයක්නෙ. එහෙනම් 159ක් ඉන්නවා, හදන්න ඕනෙ නීති එවෙලෙම විනාශ කරන්න ඕවා. එවෙලෙම මහේස්ත්‍රාත්වරයා ගෙන්නලා, අපි හිතමු කිලෝ 50ක් ඇල්ලුවා කියලා. ග්‍රෑම් 100ක් ඒ කිලෝ 50න් ගනින් සාම්පල් එකට. අරගෙන සීල් තියලා රසපරීක්ෂකට නඩු භාණ්ඩ යවන එකට එහෙම වෙන්කරගෙන මේක එවෙලම විනාශ කරනවා ඕනෙ නම් මිනිස්සුන්ටත් පේන්න. ඇයි එහෙම නීතියක් හදන්න බැරි ? ඉතින් කෝ මේ ආණ්ඩුව ඒක හදන්නෙ නැහැනෙ ? ඒක හදන්න එපැයි. මේ අල්ලනවා අල්ලනවා, අල්ලලා … අපි දන්නවානෙ ඕවාට වෙන දේවල් … ඉතින් මං මාලිමා පාක්ෂිකයෙක්ද ? නෑ …”
“මම මේ කියන්නෙ මිනිස්සුන්ට. ඕගොල්ලො ඩොලර් මිලියන කතායි – ඒවායින් බේරෙන්නත් නෙවෙයි කියන්නෙ, ඕනෙ මඟුලක් ඕගොල්ලො කියන්න. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලන්ට ආදරෙයි මම. දන්නවාද හේතුව ? සිංදු ටිකක් හරි අහන් ඉන්නෙ ඕගොල්ලොනෙ. දැන් හුඟක් අය මගේ සිංදු අහන්නෙත් නෑ. දේශපාලනය හින්දා. ඒ කියන්නෙ ඔය මාලිමාව, අනුර පෙන්නන්න බැරි එවුන්ට මාවත් පෙන්නන්න බෑ”
සංගීත් විජේසූරිය මහතා මේ බව පැවසුවේ කිංස්ලි රත්නායක මහතාගේ යූටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.