සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා අගනුවර ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූමිකම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම භූමිකම්පාව මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම භූමිකම්පා වලින් එකක් ලෙස සලකන අතර ඩකා සිට කිලෝමීටර් 33 ක් (සැතපුම් 16) පමණ දුරින් පිහිටි නර්සිංඩි නගරය අසල රික්ටර් පරිමාණයේ 5.5 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කර ඇත.
භූ කම්පනය හේතුවෙන් මිලියන 170 කට අධික මුස්ලිම් ප්‍රජාවක් ජිවත් වන ඩකාහි නිවාස හා ගොඩනැගිලි වලට බලපෑම් එල්ලව ඇති අතර එහි අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 325 කට වඩා දුරින් පිහිටි ඉන්දියාවේ කොල්කටා නගරය දක්වා මෙම කම්පනය දනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
