76 වසරක මොන සාපයක්වත් නෑ. සෞඛ්‍ය දත්තම ඒකට සාක්ෂියි – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කියයි

Date:

කොළඹ LNW:76 වසරක කාලය තුළ ළමා හා මාතෘ මරණ අනුපාත වැඩි වී ආයු කාල වැඩි වී දර්ශක ගණනාවක් ඔස්සේ ජනතාවගේ සෞඛ්‍ය ගැන දත්ත බලන විට 76 වසර පුරා සිදුව ඇත්තේ ප්‍රගතියක්, සාර්ථකත්වයක් සහ ඉදිරියට යාමක් බවත් මේවා 76 වසරක සාපය ගැන කතා කරන අය පිළිනොගත්තත් ලෝක සෞඛ්‍ය සංවිධානය, UNICEF, UNISCO, WPF වැනි ආයතන ඒවා පිළිගන්නා බවවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වෘත්තිය සමිති සාමාජිකයන්ගේ කරපිටින් බලයට ආ වත්මන් රජය වෘත්තීය සමිති යෝජනා පිළිගන්න එපා යැයි දැන් කියන බවත් රෝහල්වල සිටින සේවකයන්, වෛද්‍යවරුන්, සම සෞඛ්‍ය නිලධාරින් මේ හිගය ගැන තොරතුරු ඉදිරිපත් කරන විට එවා පිළිගන්න එපා යැයි රජය කියන බවත් විපක්ෂ නායකයා කියාසිටියි.

රෝග ප්‍රතිකාර හා රෝග නිවරාණය යන කොටස් 2ට අයිති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයු කාලය 77.2ක් වන විට ලෝකයේ 71.4ක් වන විට South East Asia වල 68.4ක් වන බවත් 76 වසරක සාපය කියන්නේ රජය මේකට බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මාතෘ මරණ අනුපාතිකය අප රටේ උපත් 18.3ක් වන විට South East Asia වල 96.3ක් සහ ලෝකයේ සමස්තයක් ලෙස 197.3ක් බවත් ළමා මරණ අනුපාතය 1000කට අප රටේ 4.1ක් වන විට ලෝකයේ 17.3ක් බවත් South East Asia වල 16.1ක් බවත් මේ සියලු ප්‍රගිතීන් ලැබුවේ 76 වසරක කාලය තුළ බවත් මෙය 76 වසරක සාපය නොවන බවට රජය දැනගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය සම්බන්ධ විවාදයට එක්වෙමින් පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...