නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම්. හේරත් මහතා පවසයි.

ඒ අනුව ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය වසා ඇති බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

“දැනට අපි මේ ප්‍රදේශය වහන්න කටයුතු කරලා තියෙනවා. දැනට මේකේ ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අපි නැවත දැනුම් දෙනවා මාර්ගය විවෘත කිරීමේ අවස්ථාව. එතකල් මාර්ගය වසා තබන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහ ගමන් කරන මගී ජනතාවගේ ආරක්ෂාවට. ඒ වගේම ගොඩක් මේක බලන්න නම් එන්න එපා. අපි එන්න ඉඩ තියන්නෙත් නෑ අපි පොලිස් නිලධාරීන් යොදවලා මාර්ගය වසා තබන්න කටයුතු කරලා තියෙන්නේ. මොකද ඒක එච්චරටම අනාරක්ෂිතයි”

එසේම පහළ කඩුගන්නාවේ නාය ගිය ස්ථානය ආසන්න ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිරීක්ෂණය කර එහි තත්ත්වය සම්බන්ධව වාර්තාවක් ලබාදෙන තෙක් කොළඹ මහනුවර මාර්ගයේ අදාළ කොටස වාහන ගමනාගමනයට විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද සඳහන් කළේය.

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ ඊයේ (22) පෙරවරුවේ සිදුවූ නායයෑමකින් වෙළඳසැලක් මතට පස් සහ ගල් කඩාවැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මරණයට පත්වූ අතර තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...