සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වළක්වන්න අළුත් වැඩක්!

Date:

කොළඹ LNW:සංචාරක ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමේද සිදුවන දීර්ඝ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයක් හා ඊට අදාල තොරතුරු පද්ධතියක් සකස් කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

සංචාරක ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමට කටයුතු කරන විදෙස් ආයෝජකයන් ඉඩම් ලබා ගැනීමේ ප්‍රමාදයන් නිසා ශ්‍රී ලංකාව අත හැර වෙනත් රටවල් කරා යොමුවූ අවස්ථා රැසක් පසුගිය කාලයේදී වාර්තාවී ඇතැයි ඒ මහතා කීවේය.

ඊට විසදුමක් වශයෙන් සංචාරක කර්මාන්තය වෙනුවෙන් නිරවුල් කරන ලද ඉඩම් සහිත දත්ත බැංකුවක් මෙම මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයට ඇතුළත් කරන බව ද ඒ මහතා පැවසීය.

ජාතික සංචාරක සැලැස්මට සමගාමව මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන මහජන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

තිරසර සහ සහභාගීත්ව සංචාරක ආර්ථිකයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි පෙන්වා දුන් ඔහු එහිදී පාරිසරික, ආර්ථික, සමාජ සහ සංස්කෘතික අංශවලට උචිත සංචාරක කර්මාන්තයක් හදුන්වා දෙන බව කීවේය. සංචාරක කර්මාන්තය මිනිසුන්ගේ ජන ජීවිතයට බද්ධ විය යුතු නමුත් පසුගිය කාලයේදී එක් පිරිසකට පමණක් සීමා වූ කර්මාන්තයක් බවට එය පත්ව තිබුණු බවද හෙතෙම කීවේය.

මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් සංචාරක කර්මාන්තය සංචාරක සමිති හා සංගම් මගින් පාලනය වන අවස්ථා පවතින බවත් ශ්‍රී ලංකාවේද මහජනයා කරා එම කර්මාන්තය විතැන් විය යුතු යැයි ඒ මහතා කීවේය. සංචාරක පහසුකම් සපයන සියලු දෙනා රජයේ ලියාපදිංචිය ලබා ගත යුතු බවත් එලෙස ලියාපදිංචි වී ඇත්තේ 4800ක් වන නමුත් Booking.com තුළ මෙරට සේවා සපයන පිරිස් 55000ක් සිටින බව ඒ මහතා කීවේය.

එමෙන්ම මෑතකදී කරන ලද සමීක්ෂණයක් අනුව විදෙස් සංචාරකයෙකු මෙරටදී කරන වියදම ඩොලර් 148ක් වන බවත් එය සෙසු රටවලට සාපේක්ෂව පහළ අගයක් වන බැවින් සූරා කෑමකින් තොරට සංචාරයකයන් කරන වියදම ඉහළ නැංවීමේ සැලසුම් සකස් විය යුතු යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වර්ෂ 2030 ජාතික සංචාරක ඉලක්කය වෙනුවෙන් ලක්ෂ 08ක මානව සම්පතක් පුහුණු කළ යුතුව ඇති බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ශ්‍රී ලංකා සංචාක හෝටල් පුහුණු පාසලේ ධාරිතාව ප්‍රමාණවත් නොවන බැවින් අමතර පුහුණු අවස්ථා බිහි කරන බවත් කීවේය.

සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා සංචාක හෝටල් පුහුණු පාසල ඇතුලුව ආයතන හතරක් සම්බන්ධ කර ගනිමින් ජාතික සංචාරක සැලසුම් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලී හේවගේ මහත්මිය ඇතුලු නිලධාරීන් සහ මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව මාධ්‍ය නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් අත තියන්න පටන් අරන් – සජිත්ගෙන් චෝදනා

කොළඹ LNW:අප රටේ පොලිස් සහතිකයක් ලබා ගැනීමට වෙන කිසිදු...

ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 36කට බලපෑම්!

කොළඹ LNW:අධික වර්ෂාව සහිත සුළං හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස...

McFoil, Mobil, Li Ning, 3M සහ GAC සමඟ ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ගල්කිස්සට

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB)...

ජපාන නායිකාව සීමාව ඉක්මවා ගිහින් – චීන විදේශ ඇමති

කොළඹ LNW: ජපාන අගමැතිනියගේ වැරදි ප්‍රකාශවලින් චීන ජනතාවගේ මූලික...