ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 36කට බලපෑම්!

0
618

කොළඹ LNW:අධික වර්ෂාව සහිත සුළං හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 02ක් සම්පූර්ණයෙන් විනාශවී පුද්ගලයන් 36 දෙනෙකුට බලපෑම් සිදුව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වල්පොල සහ කූරගම උතුර ග්‍රාම නිලධාරී වසම්වල නිවාස දෙකක් පූර්ණ හානියට පත්ව ඇති අතර නිවාස 08ක් අර්ධ වශයෙන් හානි වී ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම්, අධික සුළං සහ අධික වැසි හේතුවෙන් මෙම හානි සිදුව ඇති අතර ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මේ වන විට මරණයට පත්ව තිබේ.

අයහපත් කාළගුණය නිසා බලපෑමට ලක්වූ පිරිස් ආරක්ෂිත ස්ථන තුළ රැදවීමට කටයුතු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය එක්ව සිදුකරන බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කරයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර