පාසල් වෑන් රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා වෙනුවෙන් මාර්ගෝපදේශ!

කොළඹ LNW:පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ලබන වසරේ සිට CCTV අනිවාර්ය් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ප්‍රවාහනයේදී දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන හිරි හැර වැඩි වී ඇති අතර එය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගන්න බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”කාන්තාවකට හරි දරුවෙක්ට හරි අතවරයක් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ඒක නොදැක්කා වගේ ඉන්නේ නැතුව ඒකට එරෙහිව කටයුතු කරන මිනිස්සු අවශ්‍යයි. ගැහැණු හරි පිරිමි හරි. නමුත් වෙලා තියෙන්නේ අපේ බස් කර්මාන්තයේ තිබෙන සමහර නපුරු තත්වයන් නිසා මිනිස්සු බයයි තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ නිසා බස් කර්මාන්තය වෘත්තිමය මට්ටමට ගේන එක ත්‍රිරෝද රථ කර්මාන්තය වෘත්තීය මට්ටමට ගේන එක මං හිතනවා ඔරේන්ජ් කලර් එක රෙඩ් පැත්තට යන්නේ නැතිව ග්‍රීන් පැත්තට ගේන්න අපි ගන්න උත්සාහයක් කියලා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මේ අතර කාර්යාල ප්‍රවාහන සේවයටද මාර්ගෝපදේශ ලබන වසරේදී නිකුත් කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...