පාසල් වෑන් රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා වෙනුවෙන් මාර්ගෝපදේශ!

Date:

කොළඹ LNW:පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ලබන වසරේ සිට CCTV අනිවාර්ය් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ප්‍රවාහනයේදී දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන හිරි හැර වැඩි වී ඇති අතර එය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගන්න බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”කාන්තාවකට හරි දරුවෙක්ට හරි අතවරයක් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ඒක නොදැක්කා වගේ ඉන්නේ නැතුව ඒකට එරෙහිව කටයුතු කරන මිනිස්සු අවශ්‍යයි. ගැහැණු හරි පිරිමි හරි. නමුත් වෙලා තියෙන්නේ අපේ බස් කර්මාන්තයේ තිබෙන සමහර නපුරු තත්වයන් නිසා මිනිස්සු බයයි තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ නිසා බස් කර්මාන්තය වෘත්තිමය මට්ටමට ගේන එක ත්‍රිරෝද රථ කර්මාන්තය වෘත්තීය මට්ටමට ගේන එක මං හිතනවා ඔරේන්ජ් කලර් එක රෙඩ් පැත්තට යන්නේ නැතිව ග්‍රීන් පැත්තට ගේන්න අපි ගන්න උත්සාහයක් කියලා” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මේ අතර කාර්යාල ප්‍රවාහන සේවයටද මාර්ගෝපදේශ ලබන වසරේදී නිකුත් කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...