CID එක යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දකිනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW :

අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුව මර්දනයේ අවියක් ලෙස යොදා ගන්න එපා යැයි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම අපරාධ පරීක්ශණ දෙපා‍ර්තමේන්තුවට කැඳවීම යනු සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු හැඟවීමක් හා මර්දනය කිරීමට සැරසෙන බවක් තමන් දකිනා බවත් මෙසේ මාධ්‍ය මර්දනය තමා තරයේම හෙළා දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මෙහිදී, රාජපක්ෂ මහතා කියා සිටියේ, මර්දන නීතිවලට එරෙහිව සටන් කලා යැයි කියන දේශපාලන ව්‍යාපාරයක් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දකින බවයි.

පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් මහින්ද ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත් පතේ පළකිරීම නිසා මෙලෙස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.මුලින්ම පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීම හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමකින් තොරව මෙසේ අයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම මෙම ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් නව නාමල් රාජපක්ෂ පැවසීය.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ, තමා මාධ්‍ය මර්දනය හෙළා දකින බවත් මෙසේ මාධ්‍ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීම අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම ඉතා කණගාටුදායක බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සහ ශිෂ්ඨත්වයේ කොටුව ….

අනුර ජනාධිපතිතුමා එක තැනක කියනවා 'ශිෂ්ඨත්වයේ කොටුව ඇතුලේ ඉඳගෙන...

පොසිල ඉන්ධන අර්බුදයෙන් COP31 දේශගුණික සමුළුවේ සාකච්ඡා අඩාල වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : පොසිල ඉන්ධන...

රනිල් ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා 2027 වෙනකල් ගමන් කරනවා. එතනින් එහාට සංචිත ප්‍රශ්නයක් – බන්දුල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩගෙන ධාවනය කරවීම...

අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක එකමුතුවෙන් ජාතික විරෝධතා දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...