කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය රථවාහන ධාවනය සඳහා නැවත විවෘතයි!

0
485

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW :

ඊයේ (24) පස්වරුවේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය රථවාහන ධාවනය සඳහා මේ වනවිට විවෘත කර තිබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් එම මාර්ගයේ පස් කඳු කඩාවැටුණු ස්ථනයේ පවතින අවදානම් තත්ත්වය මෙතෙක් පහව ගොස් නොමැති බව බලධාරීන් පවසයි.


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට ඊයේ පස්වරුවේ නිකුත් කළ නාය යෑමේ අවදානම් නිවේදනය අද පස්වරුව තෙක් වලංගු වන බවයි .

ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර. කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබෙන බව සඳහන් වේ.