ශ්‍රී ලංකාවේ අපනයන 6.0% ක සැලකිය යුතු වර්ධනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW :

ගෙවී ගිය මේ වසරේ, මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩල පවසයි.

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි.

මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 ක් වේ.

එය 2024වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්වන අතර වසරක මුල් මාස දහය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වන බව වාර්තා වේ.

මෙම කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා යාම  විශේෂත්වයක් වේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසුවේ,

“මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ වාර්තා වූ ඉහළම අපනයන අගයයි. ප්‍රධාන බටහිර වෙළෙඳපොළවල් අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම සහ දේශීය කර්මාන්ත විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර නිෂ්පාදන ධාරිතාවය මෙම වර්ධනයට දායක වී ඇත.අපගේ අපනයනකරුවන්ගේ ශක්තිමත්බව සහ කැපී පෙනෙන ක්‍රියාකාරිත්වය පිළිබඳව මම ප්‍රශංසා කරමි.විශේෂයෙන්, මෙම කාලය තුළ වාර්ෂික අපනයන ඉලක්කය වන ඇමරිකානු ඩොලර් බිලියන 18 න් 80 % ක් දැනටමත් සාක්ෂාත් කර ගෙන ඇත.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...