බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට 27 වසරක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 26: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සාපරාධී කුමන්ත්‍රණයකට නායකත්වය දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු වරදකරු බව තීරණය කිරීමෙන් පසු වසර 27ක සිර දඬුවම් නියමකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 70 හැවිරිදි අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපතිවරයා 2022 ජනාධිපතිවරණයේදී ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා බලයට පත්වීම වැළැක්වීම සඳහා  සාපරාධී කුමන්ත්‍රණයකට නායකත්වය දීම හා ඔහුගේ අපේක්ෂක ජෙරල්ඩෝ ඇල්ක්මින් ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම,රට නැවත ඒකාධිපතිත්වයට ඇද දැමීමට උත්සාහ කිරීම, රජයේ දේපලවලට හානි පැමිණවීම, ලැයිස්තුගත ජාතික උරුම අඩවියක් පිරිහීමට දායක වීම ආදී කරුණු ගණනාවකට වරදකරු වී ඇත.

බොල්සොනාරෝ පසුගිය අගෝස්තු මාසයේ සිට නිවාස අඩස්සියේ ජීවත් වන අතර ඊයේ(25)දිනයේදී විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් තීන්දු කළේ අභියාචනා සඳහා කාල සීමාවකින් පසු බොල්සොනාරෝ හා සම-කුමන්ත්‍රණකරුවන් හය දෙනා වන හිටපු ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් පවුලෝ සර්ජියෝ නොගුයිරා ද ඔලිවේරා සහ හිටපු ආයතනික ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ඔගස්ටෝ හෙලෙනෝ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් අල්මීර් ගාර්නියර් සැන්ටොස් , හිටපු ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෝල්ටර් බ්‍රාගා නෙටෝ, හිටපු අධිකරණ අමාත්‍ය ඇන්ඩර්සන් ටොරස්, බ්‍රසීලියාවේ පැපුඩින්හා නම් පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ සිර දඬුවම් ආරම්භ කිරීමට නියෝග කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...