රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW :
මේ වනවිට , උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව WWW.NMRA.GOV.LK වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
ඒ අනුව, කොමිසම සඳහන් කළේ, උපරිම මිළ නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කරන්නේදැයි සොයා විමර්ශන ආරම්භ කරන බවයි, එම මිළ ගණන් ඉක්මවා ඖෂධ අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවිය හරහා පැමිණිලි කිරීමේ හැකියාවද පවතින බව අධිකාරිය ප්‍රකාශ කළ අතර, පසුගියදා, ඖෂධ වර්ග 350 කට උපරිම මිල නියම කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගන්නා ලදි . එහිදී එම මිල නියම කිරීමත් සමග ඇතැම් ඖෂධ වර්ගවල මිළ ගණන් සියයට 40 කට උපරිමයකට යටත්ව මිළ අඩු කෙරුණි.


