*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අනුප්‍රාප්තික ජනාධිපති තෝරගන්නෙ කොහොමද ? – නීතිඥ සංගමයේ සභාපතිවරයා පැහැදිලි කරයි (Video)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තනතුරුවලින් ඉවත් වන බව තහවුරු කර තිබෙන අතර ඒ අනුව ලබන බදාදා වනවිට තාවකාලික ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරේ.

ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීමද පාර්ලිමේන්තුව හරහාම සිදුවනු ඇත.

මෙම තනතුරු පත්කර ගැනීම සම්බන්ධයෙන් සහ ඊට අදාල නීතිමය පසුබිය පැහැදිලි කිරීම සඳහා අද ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් සිය අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකළ විට ජනාධිපති ධුරය පුරප්පාඩු වන බවයි. ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව බලයේ සිටින අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවත්, අගමැතිවරයාට එසේ කළ නොහැකි නම් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බවත් සාලිය පීරිස් මහතා සඳහන් කරයි.

වැඩබලන ජනාධිපතිවරයා පත්වීමෙන් මාසයක් ඉක්මයාමට ප්‍රථම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කළ යුතු අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීමේ පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතු වේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිතා කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර යම් හෙයකින් එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමට නාමයෝජනා ලබා දුනහොත් මන්ත්‍රීවරුන් 113 කගේ කැමැත්ත ලබා ගන්නා අපේක්ෂකයා ඒ සඳහා සුදුසු වන බවද සාලිය පීරිස් මහතා සඳහන් කරනවා.

යම් හෙයකින් 50% කට වැඩි බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට යම් අපේක්ෂකයෙකු අසමත් වුවහොත් මනාප සළකා බැලීමට සිදුවන බවත්, ඡන්දදායකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් ඡන්දය ලබාදෙන අපේක්ෂකයාට අමතරව තවත් අපේක්ෂකයන් සිව් දෙනෙකුට මනාප ලකුණු කිරීමේ අවස්ථාව හිමිවන බවත් නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan