අගමැතිගේ නිවස ගිනි තැබීම ගැන පරීක්ෂණ රහස් පොලීසියට – අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට අදාල පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා. මෙම සිදුවීම පිළිබඳ මූලික පරීක්ෂණ කොල්ලුපිටිය පොලීසිය මගින් සිදු කෙරිණි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් අද අගමැතිගේ පුද්ගලික නිවස වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර මෙම සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා. කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

සිද්ධියට අදාල සීසීටීවී දර්ශන සහ ඇසින් දුටු සාක්ෂි මත පදනම්ව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා තිබෙන්නේ.

අදාල සැකකරුවන් හඳුනා ගැනීම සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් ලබන 20 වැනිදා පවත්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...