අර්බුදයෙන් ගොඩ එන්න ලංකාවට උදව් කරන්න – ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

Date:

දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාදිය යුතු බව ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය පවසනවා. කොන්ග්‍රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය ඉන්දීය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට ඉදිරිපත් වන ලෙසයි.

ශ්‍රී ලංකාවේ පවත්නා වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවද ඇය කියා සිටිනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, ඉන්ධන අර්බුදය ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන අර්බුද ඉතා ඉක්මනින් අවසන් වී ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, යළිත් පෙර මෙන්ම නැගී සිටීමට ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය තිබෙන බවත් සෝනියා ගාන්ධි මහත්මිය සඳහන් කරනවා.

කොන්ග්‍රස් පක්ෂයේ සහයෝගය උපරිමයෙන් ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බව පෙන්වා දෙන ඇය පවසන්නේ ඉන්දීය මධ්‍යම රජය හරහා ලබාදෙන සහන ඉදිරියටත් හිමිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇය ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...