මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට අධික වැසි : අධි ගංවතුර තත්ත්වයක් අතළඟ!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

ඉරණමඩු ජලාශයේ මේ වන විට වාන් දොරටු විවෘත කර තිබෙන බවද වාර්තා වේ. එහි මේ වන විට වාන් ජලය ගලායන ඇළ මාර්ගයේ ගංවතුර පැති බැම්ම කැඩීගොස් තිබෙන අතර, මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අවදානමක් මතුව ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වැසි හේතුවෙන් මහවැලි ගංද්‍රෝණියේ පහල නිම්නයේ පිහිටි ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යනු ඇති බවයි.

ඒ අනුව දිඹුලාගල, තමන්කඩුව, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, සේරුවිල, කන්තලේ, කින්නියා සහ මුත්තූර් යන ප්‍රදේශවල සිටින ජනතාවට හැකි ඉක්මණින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...