බැසිල්ට ගුවන් තොටුපලේදී දැඩි විරෝධයක්. ආපසු හැරී යයි !

0
18158

ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ආපසු හැරී ගොස් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එම ගුවන් තොටුපල තුළ ප්‍රභූවරුන් මුදල් ගෙවා සේවා ලබාගන්නා “සේද මාවත” මගී පර්යන්තයේ රාජකාරි කටයුතුවලින් ආගමන විගමන නිලධාරීන් ඉවත් වී ඇති බවත් සඳහන්.

RN