ඉන්දීය පොහොර තොගය පරීක්ෂණවලින් සමත් වෙයි – බෙදාහැරීමට සූදානම්

Date:

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු පොහොර තොගය වගා කටයුතු සඳහා සුදුසු බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙනවා.

මෙම පොහොර තොගය සම්බන්ධයෙන් මෙරට රසායනාගාරයක් හරහා පරීක්ෂණ සිදුකර ඇති අතර පෙහොරවල අන්තර්ගත වියයුතු බයුරේට් ප්‍රතිශතය සම්බන්ධයෙන් ප්‍රමිති වාර්තාවක් ලබාගෙන තිබෙනවා. එහිදී තහවුරු වී තිබෙන්නේ පෙහොරවල බයුරේට් ප්‍රතිශතය 0.9% ක් බවයි.

මීට පෙර මෙම පොහොර තොගයට අදාලව අන්තර්ජාතික වාර්තා 03 ක් ලබාගෙන තිබිණි. එම වාර්තාවලට අනුව බයුරේට් ප්‍රතිශතය 0.65% කි.

පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙන්නේ මෙම වාර්තාවලට අනුව, පොහොර තොගය මෙරට භාවිතය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බවයි.

මෙම පෙහොර තොගය වී, බඩඉරිඟු ඇතුළු බෝග සඳහා ලංකා පොහොර ලේකම් කාර්යාලය හරහා බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නරක තොණ්ඩමන් හොඳවෙයි. මාලිමාව තොණ්ඩමන් සමග එක්ව සභා දෙකක බලය පිහිටුවයි !

ජාතික ජන බලවේගය ජීවන් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු...

අත්අඩංගුවට ගත් ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් !

වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...