පක්ෂ නායකයන් සහ අරගල නායකයන් අතර සාකච්ඡාව අත්හිටුවයි

Date:

නිර්පාක්ෂික අරගලයේ නායකයන් පිරිසක් අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි. අද පස්වරු 2.30 ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබූ අතර කෙසේ නමුත් අදාල සාකච්ඡාව කල්දැමීමට තීරණය කර තිබෙනවා.

ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, අරගලයේ නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට පක්ෂ නායකයන් එකඟතාවය පළකර තිබිණි.

මෙම සාකච්ඡාව කල්දැමීමට හේතු වූ කරුණු මොනවාද යන්න අනාවරණය වී නොමැත.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක්ද අද පැවැත්වීමට නියමිතව තිබූ අතර එයද කල්දමා තිබෙනවා.

අරගලයේ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සඳහා අරගලයේ නායකයන් 25 දෙනෙකු සහභාගි වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...