මහින්ද, බැසිල් ඇතුළු පිරිසකට විදෙස්ගතවීම තහනම් කරන්නැයි ඉල්ලා අධිකරණයට මෝසමක්

Date:

රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු සියලුදෙනාටම එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වා නිසි දඬුවම් ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු සිව්දෙනෙකු මෙම පෙත්සම ගොනුකර තිබේ.

රාජපක්ෂ පාලන සමයේදී ගත් අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති සහ වැරදි ආර්ථික කළමනාකරණය වත්මන් අර්බුදයට හේතු වූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකණයෙන් ඉල්ලා සිටින්නේ ඊට වගකිව යුත්තන්ට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතා, මහබැංකු මුල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

අදාල වගඋත්තරකරුවන් විදෙස්ගතවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සම ලබන 27 වැනිදා යළි කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...