රට සාමකාමී වෙන්න නම් රනිල් ඉල්ලා අස්වෙන්නම ඕනෑ – අනුර අනතුරු හඟවයි (VIDEO)

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැතිව ඔහු වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව තම සටන් ක්‍රියාමාර්ග සහතිකවම ඉදිරියටම ක්‍රියාත්මක කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ජනාධිපතිවරයාගේ ධුරය හිස්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්කරගැනීමට දරණ මේ කුමන්ත්‍රණකාරී පිළිවෙත නතර කළයුතුයි. මේ ජනතාවගේ පිබිදීමට ඇහුම්කන් දෙන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නම් සටකපට ක්‍රියාමාර්ග හරහා පළමුව වැඩබලන ජනාධිපතිවරයා බවට පත්ව දෙවැනුව පාර්ලිමේන්තුවේ විවිධාකාර මිලදීගැනීම් හරහා තමන්ගෙ බහුතරය නිර්මාණය කරගෙන ජනාධිපතිවරයා බවට පත්වෙන්න, අපි හිතන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අත්වූ අවාසනාවන්ත ඉරණමට වඩා වෙනස් ඉරණමක් ඔහුට හිමිවන්නේ නෑ. මොකද ඔහුට ජනවරමක් නෑ, ඔහු තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එනිසා රටේ විශාල වියවුල් තත්වයක් නිර්මාණය වීමේ අබියසක අපි ඉන්නෙ. එනිසා මෙවැනි විනාශකාරී තීන්දුවකට එරෙහිව අපි අපේ සටන් ක්‍රියාමාර්ග ඉදිරියට ක්‍රියාත්මක කරන බව සහතික කරලා කියනවා. ගෝඨාභය, ඔබට අවසන් කාර්යය හැටියට ඔබ ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අස්කරන්න. එසේ නැත්නම් රනිල් වික්‍රමසිංහ ඔබ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට පෙර ඉල්ලා අස්වෙන්න. එනිසා මේ රටේ සාමකාමීත්වය ගෙන එන්න නම් මේ ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙන්න කියලා බලකරන ඉල්ලීම අපි ඔවුන්ට කරනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල...