මතුව ඇති තත්වය සාකච්ඡා කරන්න 05 ට පක්ෂ නායකයන් රැස්වෙයි

0
2821

අද පස්වරු 05 ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා. මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබෙන්නේ.

ජනාධිපතිවරයා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක වී නොමැත. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කර සිටී.

අගමැතිවරයාද ධුරයෙන් ඉවත් වියයුතු බවට මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් දැඩිව කියා සිටි අතර ඒ අනුව අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

UN