රාජ්‍ය දේපළවලට හානි කළ අය අත්අඩංගුවට ගන්න CIDයට නියෝග !

Date:

පසුගිය දින කිහිපයේ අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය යන ස්ථානවල රාජ්‍ය දේපළවලට හානි සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ව අත් අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව වාර්තා වේ.

CCTV කැමරා දර්ශන සහ සමාජ මාධ්‍ය ජාල තුළ විකාශය වූ වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් හඳුනාගන්නා ලෙස CIDයට නියෝග ලැබී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ අදාළ අත් අඩංගුවට ගැනීම් සිදුකෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...