නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තුව හෙට කැඳවයි

Date:

නව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා වන ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමය ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තුව හෙට (16) රැස්කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව, හෙට පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයකු ඉල්ලා අස්වූ විට කථානායකවරයා දින තුනක් තුළ පාර්ලිමේන්තුව කැඳවා ඒ බව දැනුම් දී නව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවිය යුතුය.

නාමයෝජනා භාරගැනීම දින දෙකක් තුළ සිදුකළ යුතු අතර නාමයෝජනා භාරගැනීමෙන් දින දෙකක් තුළ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...

ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...