අර්බුදයක් ඉතිරි කර AEROFLOT නඩුව නිෂ්ප්‍රභ කරයි

Date:

රුසියානු ඒරොෆ්ලොට් ගුවන් සමාගමට එරෙහිව කොළඹ වාණිජ්‍ය මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට අද තීරණය කෙරිණි.

මෙම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම නීතිපතිවරයා හරහා පසුගිය ජුනි 28 වැනිදා මෝසමක් ඉදිරිපත් කර තිබූ අතර අදාල මෝසම හරහා ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් නඩුව නිෂ්ප්‍රභ කිරීමටයි වාණිජ්‍ය මහාධිකරණය තීරණය කළේ.

මෙරටට පැමිණි ඒරොෆ්ලොට් ගුවන් යානයක් යළි රුසියාව බලා පියාසර කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර උද්ගත වූ අර්බුදකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ගුවන් සබඳතා අත්හිටුවීමට රුසියානු ඒරොෆ්ලොට් ගුවන් සමාගම පියවර ගෙන තිබිණි.

අධිකරණය නොමග යවමින් මෙම වාරණ නියෝගය ලබාගෙන ඇති බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් පසුව රුසියානු ගුවන් සමාගමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවීමට වාණිජ්‍ය මහාධිකරණය කටයුතු කළ නමුත් වාරණ නියෝගය හරහා ඇති වූ අර්බුදකාරී තත්වය තවමත් සමනය වී නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විදේශ කාර්යාල උපදේශන සාකච්ඡාවල සිව්වන වටය අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී Flexiprint රිදී සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ලොව වඩාත්ම විචිත්‍රවත්...

ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ නගර කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින්...