ඉන්දීයාවේ සිට ක්ෂණික ක්ෂේත්‍රගත රෝහල් පද්ධති දෙකක් සහ ඒවාට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ එම රෝහල් වල වැඩකටයුතු පුහුණු කිරීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW :

ඊයේ (30) රාත්‍රියේ ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ ක්ෂණික ක්ෂේත්‍රගත රෝහල් පද්ධති දෙකක්, ඒවාට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ එම රෝහල් වල වැඩකටයුතු පුහුණු කිරීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් ද රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙන බව වාර්තා වේ.

එම රෝහල් පද්ධති, ඖෂධ සහ වෛද්‍ය උපකරණ සියල්ලම ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා වීම විශේෂත්වයකි.

මෙම ක්ෂණික ක්ෂේත්‍රගත රෝහල් පද්ධති තුළ ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, එක්ස් කිරණ පහසුකම් වැනි රෝහලකට අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විත වන අතර, මෙම රෝහල්වල වැඩකටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබද මෙරට වෛද්‍යවරුන්ට අවශ්‍ය පුහුණව ලබා දීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවද වාර්තා වේ.

ඔවුන් එම පුහුණුව කෙටි කළක් තුළ ලබා දීමෙන් අනතුරුව ඒවායේ වැඩකටයුතු මෙරට වෛද්‍යවරුන් වෙත භාර දී යළිත් මෙරටින් පිටව යාමට නියමිතව තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම රෝහල් පද්ධති රැගත් ඉන්දීය ගුවන් හමුදාවට සී 130 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ රාත්‍රී 08ට පමණ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවත්, මෙම ගුවන් යානයෙන් පැමිණි පිරිස පිළිගැනීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ගැන දැනුම් දීමක්!

කොළඹ LNW:අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ...

වේල්ස් කිරුළ විනාඩි 57 ක සටනකින් පසු අත හරින්නට රනිත්මාට සිඳු වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 01, කොළඹ LNW: වේල්ස් ජාත්‍යන්තර විවෘත බැඩිමින්ටන්...

විදෙස් ආධාර කළමනාකරණය කරන්න හදිසි ඒකකයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිව තිබෙන ගංවතුර...