රු. ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවගෙන්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW :

රට පත්වී තිබෙන ආපදා තත්ත්වයෙන් ගොඩ ඒමට ශක්තියක් වීමේ අරමුණින්, ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබ ඇත.

අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ,ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දෙන බව මෙහිදී බෝරා ප්‍රජාවේ නියෝජිතයෝ, පවසා අත.

විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් ඒ වෙනුවෙන් කෘතඥතාවද පළ කළ බව වඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...